හිටපු නියෝජ්‍ය කතානායකගේ නිවස අසලින් අවි ආයුධ හමුවෙයි – පුද්ගලයෙක් අත්අඩංගුවට

හිටපු නියෝජ්‍ය කතානායකවරයෙකු වන ආනන්ද කුමාරසිරි මහතාගේ නිවස ආසන්නයේ සිදු කළ වැටලීමකදී අවි ආයුධ තොගයක් සොයාගෙන තිබෙනවා.

වැල්ලවාය එකේ කණුව ප්‍රදේශයේ පිහිටා ඇති මෙම නිවස ආසන්නයේ වැටලීම සිදු කර ඇත්තේ බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින්.

මෙහිදී ජීව අත්බෝම්බ දෙකක්, ගිනි අවි දෙකක්, වෙඩි නොවදින කබායක්, පිහියක් සහ ජීව උණ්ඩ 22ක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර එම ආයුධ සමග අදාළ නිවසේ සිටි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 64ක් වන එම ප්‍රදේශයේ ම පදිංචි සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය මගින් විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
00:56
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46
Video thumbnail
චතුරංග ජනතාවගෙන් සමාව ගයි - බලාපොරොත්තු වෙච්ච හැමදේම දෙන්න බැරිවුණාට සමාවෙන්න
05:33
Video thumbnail
ජනපතිට උපදෙස් දෙන ජේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද ?නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
02:06