22 වරක් ග්‍රෑන්ඩ් ස්ලෑම් දිනූ නඩාල් යළිත් පිටියට

ලෝක ටෙනිස් ශූරයෙකු වන ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් එළඹෙන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කරන බව තරගාවලි අධ්‍යක්ෂ ක්‍රේග් ටයිලි පවසනවා.

ටයිලි සඳහන් කළේ 2024 දී පැවැත්වෙන මෙම ලෝක ටෙනිස් ශූර තරගාවලියට නඩාල්ගේ පැමිණීම ස්ථීර බවයි.

22 වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරයා වූ නඩාල් 2023 තරගාවලියේ දී ජනවාරි මාසයේ පැවැත්වූ තරග වටයක දී ලෝක ශූර මැකෙන්සි මැක්ඩොනල්ඩ් හමුවේ පරාජයට පත්වීමෙන් පසු ව ක්‍රීඩාවෙන් ඉවත් ව සිටියා.

මෙම අමිහිරි පරාජයට හේතු ලෙස දැක්වුණේ නඩාල් තරගයේ දෙවැනි භාගය අතරතුර උකුල් ඇටයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වුණා.

එම ආබාධයෙන් පසු ව වෛද්‍යවරුන් නඩාල්ට සඳහන් කළේ ක්‍රීඩාවෙන් විවේක ගැනීම ආබාධය සුවපත් වීමට හොඳම තීරණයක් වනු ඇති බවයි.

කෙසේවෙතත් උකුල් ඇටයේ ආබාධය උග්‍ර වීම හේතුවෙන් නඩාල් හට පසුගිය ජුනි මාසයේ දී සැත්කමක් ද සිදු කළා.

37 හැවිරිදි නඩාල් ලබන වසරේ මෙල්බර්න්හි දී යළිත් තරග පිටියේ දී දැකිය හැකි වනු ඇති බවත් ටයිලි සඳහන් කළා.

නඩාල් සමාජ මාධ්‍යවල ටයිලිගේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ අතර, තමන් යළිත් තරග කිරීමට පැමිණීමක් සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් නොදුන්න ද, තරග සඳහා පුහුණුවීම් සිදු කරන බවයි හෙතෙම කියා සිටියේ.

නඩාල් සඳහන් කළේ’ පසුගිය ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියෙන් තමන් ලැබූ විශ්වාසභංගය අගය කරන බවත්, අඩුපාඩු සකසා ගනිමින් පුහුණුවීම් සිදුකර යළි පැමිණීමට වෙහෙස වෙමි යනුවෙන්.

නඩාල්ගේ නියෝජිත Benito Pérez-Barbadillo CNN වෙත පැවසුවේ නඩාල් ක්‍රීඩාවට යළිත් ප්‍රවිශ්ට වීමේ දිනයක් ලබා දී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
00:00
Video thumbnail
පච අනුර අපිට එපා - තිස්සකුට්ටි පාරට බහී
01:52
Video thumbnail
අල්ලස් කොමිසමට ආ මෛත්‍රී එළියට ඇවිත් කිව්ව අමුතු කතාව
16:41
Video thumbnail
"හොර හැත්ත ආවොත් හොඳට සලකලා යවන්න"..සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි..
05:22
Video thumbnail
හොරා ඉන්නේ ආණ්ඩුව ඇතුලේ - නාමල් හොඳම පදෙන් ආම්තයි
04:42
Video thumbnail
මාංචු කුට්ටම අරන් එන්න.."ඇයි සර් එහෙම කරන්නේ ?"..එන්න එපා මෙතන වැඩිය දඟලන්න..
05:30
Video thumbnail
හැකර්ව යවලා සල්ලි ඉස්සුවේ මහින්ද රාජපක්ෂ..?
03:37
Video thumbnail
පිටින් ආපු එවුන් JVP කාරයන්ට කොකා පෙන්නලා තියන්නේ
12:11
Video thumbnail
ක්‍රීඩා ගුරුවරයා කාටත් හොරා දුන්න ගේම මාට්ටුවෙයි.."මේ බලපන් මේකා ඉස්කෝලේ සර් කෙනෙක්ලු"
01:13
Video thumbnail
හර්ෂ දැඩි තීන්දුවක් ගනී - මුදල් ලේකම්ව කැඳවනවා
02:38