AFC Banner
Empty Ad
Empty Ad

යුද්ධයේ සැබෑ තත්ත්වය හෙළිකරන විශේෂ වාර්තාවක් ජනපතිට

ශ්‍රී ලංකාවේ පැවතියේ කුමන ආකාරයේ යුද්ධයක්ද යන්න පැහැදිලි කිරීම වෙනුවෙන් සකස් කළ විශේෂ වාර්තාව ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පවසනවා.

ජිනීවා නුවර පැවැත්වෙන සෑම මානව හිමිකම් සමුළු වාරයකදීම ශ්‍රී ලංකා හමුදාවන් යුද අපරාධ සිදුකළ බවට චෝදනා නඟන බවත්, එයට පිළියමක් ලෙස සහ යුද්ධයේ ඇත්ත තත්ත්වය පෙන්වා දීම අරමුණින් අදාළ වාර්තාව සකස් කළ බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

ඔහු මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා,

රටක ජාතික ආරක්ෂාව ඉතාම වැදගත්. රටේ ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි වාතාවරණයක් තිබිය යුතුයි. ඒ වගේම ආයෝජන අවස්ථාව ලබා ගැනීමේදී ද රටක ජාතික ආරක්ෂාව තහවුරුව තිබීම ඉතා වැදගත් වෙනවා.

භෞතික ආරක්ෂාව පමණක් නොව ආර්ථික ආරක්ෂාව, ආහාර සුරක්ෂිතභාවය, පරිසර ආරක්ෂාව, පුද්ගල ආරක්ෂාවත් මෙහිදී වැදගත් වෙනවා. පසුගිය වසර 10 තුළ පමණක් පුද්ගලයන් 27,000ක් පමණ මාර්ග අනතුරුවලින් මියගොස් තිබෙනවා. තිස් වසරක යුද්ධයෙන් මියගියේ 29,000ක් පමණයි. මේ වන විට මාර්ග අනතුරු ඉතා බහුලව රටේ සිදු වෙනවා.

ඒ වගේම මත්ද්‍රව්‍යයත් ජාතික ආරක්ෂාවට බලපානවා. බලශක්තිය, සෞඛ්‍ය ආරක්ෂාවත් ජාතික ආරක්ෂාව යටතට ගැනෙනවා. ඕනෑම රටක ත්‍රස්තවාදය, අන්තවාදය, මත්ද්‍රව්‍ය උවදුර, පාතාල ක්‍රියාකාරකම් තිබෙනවා. නමුත් මේ සියල්ලක්ම ජනජීවිතය අඩාල නොවන ආකාරයට සමනය කිරීම රජයක වගකීමක් වනවා.

අප කාරක සභාවක් ලෙස රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දීමට කටයුතු කරමින් සිටිනවා. බෙදුම්වාදය මුල් කරගත් ත්‍රස්වාදය සහ ත්‍රස්තවාදය මුල් කර ගත් අන්තවාදය භෞතිකව පවතින තර්ජන ලෙස හඳුන්වන්න පුළුවන්.

එසේම මෙරට තුළ යුද අපරාධ සිදුවූ බව කියමින් ජිනීවා නුවර පැවැත්වෙන සෑම මානව හිමිකම් සැසිවාරයකදීම නොයෙක් ආකාරයෙන් චෝදනා එල්ල වෙමින් තිබෙනවා. මේ සම්බන්ධයෙනුත් අප අවධානය යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පැවතුණේ ජාත්‍යන්තර නොවන සන්නද්ධ අරගලයක්. ඒ නිසා රටේ පැවතියේ කුමන ආකාරයේ යුද්ධයක්ද යන්න පැහැදිලි කිරීමේ වාර්තාවක් අප කාරක සභාව මැදිහත්ව සකස් කර තිබෙනවා.

අපි ජිනීවා මානව හිමිකම් කමිටුවට දැන්වත් සත්‍ය තත්ත්වය තේරුම් කරදිය යුතුයි. මේ නිසා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වශයෙන් සකස් කර තිබෙන විශේෂ වාර්තාව ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දෙනවා. එහි රටේ පැවති යුද්ධයේ සැබෑ තත්ත්වය පැහැදිලි කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ඇමති කංචනට හොඳටම තදවෙයි
Video thumbnail
කුඩු වලින් තොර අම්බලංගොඩක් - මෙන්න ජනපතිගෙන් ලැබුන උපදෙස
01:54
Video thumbnail
උගන්ඩාවට ගෙනිච්ච සල්ලි - ඇයි නැවත ගේන්න ප්‍රමාද ?
02:36
Video thumbnail
CIDයට ගෙනිල්ලා කටඋත්තර නෙවෙයිකන්දෙකෙ විදලා මේ වහලේ එල්ලුවත් යන්තන් කට වැඩ කරොත් - අපි දේශපාලනය කරනවා
04:54
Video thumbnail
නාමල් CIDයෙන් එළියට එයි - "මම කෙඳිරි ගාන්නේ නැතුව ආවේ ජනාධිපතිගේ වචනේ අහක දාන්න බැරි නිසා"
07:14
Video thumbnail
ඩයනා උසාවිය ඉස්සරහා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
02:29
Video thumbnail
නාමල් CIDයට ගිය දුකට තිස්ස කුට්ටි CIDයට ඇවිත් - ජනපතිට හොඳට දෙසයි - අම්මෝ....
05:16
Video thumbnail
කලුතරින් සිලින්ඩරෙන් එකයි එන්නේ - ඒ එන එකා තමයි රෝහිත අබේගුණවර්ධන
02:38
Video thumbnail
හැම කෙනාටම වාහනයක් ගන්න පුළුවන් ආර්ථිකයක් හදනවා - මාලිමාවෙන් සහතිකයක් #npp #akd
01:40
Video thumbnail
Breaking News🛑නාමල් රාජපක්ෂ CIDයට ගෙන්වයි #breakingnews #namalrajapaksha
00:31

?