අම්බලන්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ OIC ඝාතනය කළ සැකකරු මරුට

පොලිස් විශේෂ කාර්‍යය බලකායේ නිලධාරින් තැබූ වෙඩි ප්‍රහාරයකින් අපරාධ කල්ලි සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම සිදුවීම සිදු ව ඇත්තේ මීටියාගොඩ – මහවත්ත ප්‍රදේශයේදියි.

අද පෙරවරු 6.15ට පමණ මීටියාගොඩ පොලිස් වසමේ පොළ පාර – මහවත්ත ප්‍රදේශයේ පිහිටි පාළු නිවසක සැකකරුවෙකු රැඳී සිටින බවට ලද තොරතුරකට අනුවයි පොලිස් විශේෂ කාර්‍යය බලකායේ රාජගිරිය සංවිධානාත්මක අපරාධ ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් අදාළ ස්ථානය හදිසි වැටලීමකට ලක් කළේ.

එම පාළු නිවසේ රැඳී සිටි සැකකරු විසින් පොලිස් විශේෂ කාර්‍යය බලකායේ නිලධාරින්ට මයික්‍රෝ වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ දරා තිබෙනවා.

එම වෙඩි තැබීමේ දී පොලිස් විශේෂ කාර්‍යය බලකා නිලධාරින් ද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර, සැකකරු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේවෙතත් සැකකරු රෝහල්ගත කිරීමෙන් අනතුරු ව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හේනේගොඩගේ සංජිව ප්‍රේමකුමාර නමැති 42 හැවිරිදි වාද්දූවේ පදිංචිකරුවෙක්.

ඔහු හිටපු යුද හමුදා සෙබළෙකු බවටත් හඳුනාගෙන තිබෙනවා.

මෙම සැකකරු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සොබනාහන්දි ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණිය සුද්දා යන අයගේ කණ්ඩායමේ සමාජිකයෙකු බවත්, 2023.10.09 වන දින රත්ගම ප්‍රදේශයේ දී අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප බාලේනද්‍ර මහතා වෙඩි තබා ඝාතන⁣ය කිරීම මෙහෙයවා ඇති පුද්ගලයා බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46