අඹේපුස්ස ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ ගලේවෙල තලකිරියාගම විහාරස්ථානය ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඊයේ මෙම අනතුර සිදුවී ඇත්තේ ඇය ගමන් කළ යතුරුපැදිය ටිපර් රථයක ගැටීමෙන්.
අනතුරින් බරපතල තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරිය දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඇය පේදුරුතුඩුව පොලිසියට අනුයුක්තව සේවය කළ 24 හැවිරිදි කොස්තාපල්වරියක්.
නිවාඩු ලබා ඇතාබැඳිවැව ප්‍රදේශයේ පිහිටි නිවසට පැමිණෙමින් සිටින අතර මෙම අනතුරට ලක්වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
පොලිස් අත්අඩංගුවට ගෙන ඇති ටිපර් රථ රියදුරා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අනතුර සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.














LORRY, BUS, TIPPER, 3 WHEEL SAHA GODAK MOTOR CYCLE, SCOOTER PADINA EWUN ENNE ICE GAHALA. SAMAHARU HASHIS, GANJA, HEROIN GAHALA. ICE WALATA NINDA YANNE NATHI LU, NAMUTH HEROIN GAHALA NIDI KIRANA UN MAMA DEKALA THIYENWA, UN EKEK WATH KANNE NAHE. MW OKKOGENMA WENNE BLOOD PRESSURE WADI WENA EKA. ETHAKOTA HEMA KRIYAWAKMA GODAK WEGAWATH. UNTA KANNA ONA NATHI UNATA ANGATA FIT NAHE, EKA AUNTA DANENENNE NAHE, NIDHIMATHA NAHE, EKA DANENNE NAHE, NAMUTH NINDHA ONA UNTA UNWA CONTROL NAHE. EKAYI ME OKKOMA ANATHURU