පොලිස්පති සී.ඩීගේ සේවා දිගුව අදින් අවසන්

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ සේවා දිගුව අදින් (09) අවසන් වීමට නියමිත තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන තෙක් නව පොලිස්පති ධුරයට කිසිවකු නම්කර නොමැතිවීම ද විශේෂත්වයක්.

මේ අතර ව්‍යවස්ථාදායක සභාව ඉදිරි දින කිහිපය තුළ රැස්වී මේ පිළිබඳව ස්ථිර නිගමනයකට එළඹෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා.

නව පොලිස්පති ධුරය සඳහා සුදුසුම් ලැබූ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ නම් කිහිපයක් පසුගිය කාලයේ යෝජනා වී තිබුණා.

මෙරට 35 වැනි පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන වත්මන් පොලිපති සී.ඩී. වික්‍රමරත්න පසුගිය මාර්තු මස 25 වන දින විශ්‍රාම යාමට නියමිතව සිටියා.

කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුට මුල්වරට මාස 03ක සේවා දිගුවක් ලබාදීමට කටයුතු කළ අතර, එම සේවා දිගුව අවසන් වීමෙන් පසු දෙවන සේවා දිගුව ඉකුත් ජුනි මස 09 දින සිය ක්‍රියාත්මක කළා.

ඒ, අනුව පොලිස්පති ධුරයේ වැඩබැලීම සඳහා ඔහු ලබා දී තිබූ දෙවන සේවා දිගුව අද (09) දිනයෙන් අවසන් වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරක්කු බෝතලේ කවුද හොර ස්ටිකර් ග#හන්නේ..හර්ෂ ප්‍රශ්න කරයි - මෙතන මහා ලොකු මගඩියක් වෙන්නේ
10:33
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි - "ඇති පන්සල් කළා..මම දැන් යනවා"
14:01
Video thumbnail
කිසිම බුරුලක් දෙන්න එපා - ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය ඉක්මවා ගිහින්..Nalinda Jayatissa
07:26
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය
00:51
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි
00:33
Video thumbnail
මැලේසියාවේ ඉදලා ඇවිත් ගුවන් මගියෙක් දුන්න ගේම - කෝටි 09කට අධික කොකේන් තොගයක් කොටු
01:32
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි - අනුරාධපුරයේ චීස් හොරු
01:03
Video thumbnail
දිවි අහිමිවූ හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන මෙන්න
01:46
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය - තරුණ ජීවිත දෙකක් 99න් බේරූ බිහිසුණු අනතුර
01:35
Video thumbnail
මුල් ආකෘතිය වෙනස් කළ යතුරුපැදි 16ක් පුද්ගලයන් සමඟ අත්අඩංගුවට
03:00