සුරා බදු ආදායම මෙන් තුන් ගුණයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට වියදම් කරන බව හෙළිවෙයි

දුම්වැටි හා මත්පැන්වලින් රජය උපයන මුදල මෙන් තුන් ගුණයක් මත් උවදුරට ගොදුරුවූ පුද්ගලයින්ට ප්‍රතිකාර වෙනුවෙන් වැය කරන බව සෞඛ්‍යය විශේෂඥයින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අනාවරණ වී තිබෙනවා.

මේ පිළිබඳ කරුණු අනාවරණය වුයේ රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

රට තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කර මුලිනුපුටා දැමීම සඳහා යෝජනා හා අදහස් ලබාගැනීමේ අරමුණින් මේ සාකච්ජාව සඳහා මත් උවදුර පිටු දැකීම වෙනුවෙන් කටයුතු කරන ආයතන හා නිලධාරීන් කැඳවා තිබුණා.

කමිටුව හමුවේ අදහස් දක්වමින් නිලධාරීන් පෙන්වා දෙනු ලැබුවේ, 1997 වසරේ සිට මේ දක්වා ආණ්ඩු හා විවිධ පාර්ශ්ව මත් උවදුර පාලනය හා තුරන් කිරීම සඳහා ඉදිරිපත්කර තිබූ විවිධ යෝජනා හා අදහස් ඇතුලත් වාර්තා රැසක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

ඒ සියලු අදහස් හා යෝජනා වර්තමානයට ද ගැලපෙන බවත් අවශ්‍ය වන්නේ ඉදිරිපත් කරන අදහස් හා යෝජනා ප්‍රයෝගික මට්ටමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

මෙරට දුම්වැටි භාවිතය සමාජය තුලින්ම මතුවූ විරෝධතා හේතුවෙන් සීග්‍ර ලෙස අඩු කරගැනීමට හැකියාව ලැබුන බව පෙන්වා දුන් සෞඛ්‍යය විශේෂඥයින් පැහැදිළි කළේ මත් උවදුර පාලනය ද සමාජය තුලින්ම මතු වීමේ වැදගත්කමයි.

නීති විරෝධී මත්ද්‍රව්‍ය යම් පොලිස් බල ප්‍රදේශයක වර්ධනය වන්නේනම් එම ප්‍රදේශය භාර පොලිස් නිලධාරියා ඒ සඳහා වග කියන ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් අදාළ පොලිස් නිලධාරිගේ වැටුප් වර්ධක හා උසස්වීම සඳහා මෙම මත් උවදුර පාලනයට එම නිලධාරියා ගන්නා ක්‍රියා මාර්ග මොනවාදැයි සළකා බැලීමේ අවශ්‍යතාවය ගැන ද කමිටුව හමුවේ කරුණු ඉදිරිපත් වී තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියාසිටියේ මන්ත්‍රීවරු 225දෙනාගේම අත්සනින් මත් උවදුර තුරන් කිරීම සඳහා පාර්ලිමේන්තුව හරහා යෝජනාවක් සම්මත කරගැනීමේ වැදගත් බවයි. ඒ ඔස්සේ ලබා දිය හැකි පණිවුඩයේ ප්‍රභලත්වය ගැන ද කමිටුවේදී දීර්ඝ ලෙස සාකච්ජා වුණා.

මාධ්‍ය මගින් මත් උවදුර ප්‍රවර්ධනය වීම දැඩි ලෙස සිදුවන බවත් එය මත් උවදුර පාලනයට ඍජුව හා වක්‍රව දැඩි ලෙස බලපාන බවද නිලධාරීන් කමිටුවට පෙන්වා දෙනු ලැබුවා.

තවදුරටත් කමිටුව හමුවේ කරුණු ඉදිරිපත් කළ එම නිලධාරීන් පෙන්වා දුන්නේ දුම්වැටි හා මත්පැන්වල මිල වැඩි කිරීම ඔස්සේ ඒවා භාවිතයට පෙළඹීමේ වයස් සීමාව ඉහළ යන අතර මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹීම වැළක්වීම සඳහා, මානසික උනන්දුව නැතිවන ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත් වන බවයි. එමෙන්ම මාස 6කට වරක් හෝ මෙරට ක්‍රියාත්මක මත් උවදුර පිටු දැකීමේ සංවිධාන සියල්ල රැස්වී පවතින තත්ත්වය හා ගතයුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ජා කිරීමේ වැදගත් කම පිළිබඳව ද කරුණු ඉදිරිපත් වී තිබෙනවා.

වර්තමානය වන විට මත්ද්‍රව්‍ය භාවිතයට පුද්ගලයින් යොමුකරගැනීමේ ක්‍රියාවලියක් මේ දිනවල වක්‍රාකාරව ක්‍රියාත්මක වන බව කමිටුව හමුවේ අනාවරණය වුණා. ඒ අනුව වහාම ඒ සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට අවශ්‍ය තොරතුරු තමන්ට සපයන ලෙසටයි කමිටු සාමාජික,රාජ්‍ය අමත්‍ය සීතා අරඹේපොල මහත්මිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ.

එමෙන්ම දුම්වැටි හා මත්පැන් අලෙවියෙන් ආණ්ඩුවට ලැබෙන බදු අදායම හා එම බදු නැවත යොදවන කාර්යයන්වල විනිවිධ භාවය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් ඉදිරියේදී කමිටුව හමුවට කැඳවීමටද තීරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50
Video thumbnail
මාලිමාවේ ගම්පහ රැළියේ වේදිකාවට ආණ්ඩු ප්‍රබලයින් අතත් වනාගෙන ගැම්මට එයි
02:52
Video thumbnail
පොත් ප්‍රදර්ශනයට ආ දිලිත් කිව්ව කතාව
02:44
Video thumbnail
බොඩිකැම් කැදවන රිපෝර්ට් එක හදලා තියෙන්නේ ChatGPT පාවිච්චි කරලා - මේක අතයට ගේමක් නෙවෙයිද ?
13:26
Video thumbnail
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ පැරණි ගොඩනැගිල්ලලක් ගිලා බැහැලා
01:00
Video thumbnail
ආයෙත් ඥාණසාර හිමිට ජම්පරේ අන්දවන්න දෙන්නේ නෑ - දීපු නිදහස රංජන්ට වගේ හරියට දෙන්න
04:43
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ අනෝජන් ගැන මිහින්තලේ හිමිගෙන් සුබ පණිවුඩයක් - ඔටුන්ට හිමි රජුගේ අවදානයට යොමුවෙලා
06:16
Video thumbnail
මින් පස්සේ සීසර්ලාට වාහනය කොල්ලකන්න බෑ
14:40