නව යොවුන් සිසුන් දෙදෙනා ගුරුවරයාට වෙඩි තියා වීඩියෝවකින් පුරසාරම් දොඩලා (වීඩියෝ)

නව යොවුන් වියේ පසුවන සිසුන් දෙදෙනෙක් තම ගුරුවරයා වෙඩි තබා පසුව ඒ ගැන සම්බන්ධයෙන් පුරසාරම් දොඩන වීඩියෝවක් මේ වනවිට ඉන්දියාවේ සමාජ මාධ්‍යවල පැතිරෙමින් පවතිනවා.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අග්‍රා ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම වෙඩි තැබීමෙන් ගුරුවරයාගේ පාදයකට තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

“අපි ඔබේ කකුල උදුරා ගන්නවා. වෙඩි උණ්ඩ 40ක් එල්ල කළ යුතුයි, තවත් 39ක් ඉතුරුයි. මේ වන විට පත්තු වී තිබෙන්නේ එක වෙඩිල්ලක් පමණයි” යනුවෙන් අදාළ සිසුන් දෙදෙනා එහි දී පවසනවා.

මෙම සැකකාර සිසුන් දෙදෙනාම සුමිත් සිං නමැති වින්දිත ගුරුවරයා ඉගැන්වීම සිදුකළ පුහුණු මධ්‍යස්ථානයක ඉගෙනුම ලබා ඇති අතර වෙඩි තැබීමෙන් පසු ඔවුන් දෙදෙනා පළා ගොස් තිබෙනවා.

ඊයේ (05) සිදුවූ මෙම සිදුවීමෙන් පසු සැකකාර සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.