පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන්නේ නැහැ – ජනපති (වීඩියෝ)

පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු කිසිඳු සිදුවීමක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකිරීමට රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජර්මනියේ “Deutsche Welle” මාධ්‍ය ආයතනය සමඟ විශේෂ සම්මුඛ සකච්ඡාවකට එක්වෙමින්.

එක්සත් රාජධානිය හෝ ජර්මනිය එවැනි පරීක්ෂණයක් සිදුකර නොමැති බවත්, ශ්‍රී ලංකාව සහ ආසියාතිකයින්ට පමණක් මෙවැනි ආකාරයේ පරීක්ෂණ සිදුකරන ලෙස ප්‍රකාශ කරන්නේ කුමන කරුණු මත ද යන්න ජනාධිපතිවරයා මෙහිදී මාධ්‍යවේදියාගෙන් ප්‍රශ්න කර සිටියා.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාව තම රජය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

ජනාධිපතිවරයා සහභාගී වූ එම සම්මුඛ සාකච්ඡාව පහතින්,

  1. ජාත්‍යන්තර නාලිකාවක් සමග රටේ අභ්‍යන්තර ගැටලුවකට රටේ අභිමානය රැකෙන විදියට ප්‍රතිචාර දැක්වු ජනාධිපතිවරයා ගේ කොමන්ඩ වලට දෙකේ පන්තියේ මාධ්‍යය වන ඔබ තුමාලා කොමන් කරන්න යොදා තිබෙන බාල දෙ ගැන කලකිරිමක් ඇත. ඔබ තුමාලා යොදා තිබෙන සිමිබල් වැරදිම කියපන් එය හරි සුභ පැතුම් කියා කි
    සිම සිමිබල් එකක් කිලික් කරන්න කියා යොදා නැත, රට ගැන හිතන්න බඩ ගැන අපි පසුව බලමු