බාල වයස්කාර සහෝදරියන් තිදෙනාගේ නිසල සිරුරු ට්‍රන්ක් පෙට්ටියක් තුළ

බාල වයස්කාර දැරියන් දෙදෙනෙකුගේ මළ සිරුරු ඔවුන් පදිංචිව සිටි නිවස තුළ තිබූ ට්‍රන්ක් පෙට්ටියක් (යකඩ පෙට්ටියක්) තුළ තිබිය දී අද (02) සොයාගැනීමට ඉන්දීය පොලීසියට හැකිව තිබෙනවා.

ජලන්දර් දිස්ත්‍රික්කයේ මක්සුදාන් පොලිස් බල ප්‍රදේශයේ කාන්පූර් ගම්මානයේ නිවසක තිබූ ට්‍රන්ක් පෙට්ටියකින් මෙලෙස සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 09, 07 සහ 04 යන වයස්වල පසුවූ දැරියන් තිදෙනෙකුගේ මළ සිරුරු බවයි වාර්තා වුණේ.

මෙම දැරියන් දෙදෙනා ඊයේ (01) දිනයේ දී නිවසින් අතුරුදන් වී ඇති බවට ඔවුන්ගේ පියා සහ මව විසින් පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.

ඔවුන් රැකියාව නිමව යළි නිවසට පැමිණි පසු තම දියණියන් තිදෙනා මෙලෙස නිවසින් අතුරුදන්ව ඇති බවයි පොලීසියට පවසා ඇත්තේ.

මොවුන් කුලී නිවසක ජීවත්ව ඇති අතර, එහි හිමිකරු විසින් මීට දින කිහිපයකට ඔවුන්ට එම නිවසින් යන ලෙස දැනුම් දී ඇති බව සඳහන්.

දැරියන්ගේ පියා බීමතින් පැමිණ කටයුතු කිරීම ඊට හේතුව වී තිබෙනවා.

සහෝදරියන්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සොයාබැලීමේ දී අසල්වාසීන් විසින් නිවස තුළ තිබූ ට්‍රන්ක් පෙට්ටියක් විවෘත කර බැලීමේ දී එහි තුළ තිබී මෙම සිරුරු හමුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.

අනතුරුව මේ සම්බන්ධයෙන් පොලීසියට දැනුම්දීමට කටයුතු කර ඇති අතර, පොලිසිය පැමිණ විමර්ශන අරඹා තිබෙනවා.

පොලීසිය විසින් මියගිය දැරියන්ගේ දෙමාපියන් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින අතර, මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25