AFC Banner
Empty Ad
Empty Ad

ස්පාඤ්ඤයේ රාත්‍රී සමාජශාලාවක ගින්නකින් 13 දෙනෙකු මරුට

ගිනිකොනදිග ස්පාඤ්ඤයේ මර්සියා නගරයේ රාත්‍රී සමාජශාලාවක හටගත් ගින්නකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ෆොන්ඩා මිලාග්‍රෝස් නැමැති රාත්‍රී සමාජ ශාලාවේ මෙම ගින්න හටගෙන ඇත්තේ එරට වේලාවෙන් ඉරිදා අලුයමයි.

පසුව එය අසල්වැසි සමාජශාලා වෙත පැතිර ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර දුම් ආඝ්‍රාණය වීම හේතුවෙන් පුද්ගලයින් හතර දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මර්සියා නගරාධිපති ජෝස් බැලෙස්ටා මාධ්‍ය හමුවේ පැවසුවේ ගින්න සමාජ ශාලාවේ පළමු මහලේ හටගෙන ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?