දිනේෂ් චන්දිමාල්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදි කළ ගෘහස්ථ ක්‍රීඩාංගණය විවෘත කෙරේ (වීඩියෝ)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන දිනේෂ් චන්දිමාල් ලෝක ළමා දිනය යෙදෙන අද දිනයේ තමන් ක්‍රිකට් අත්පොත් තැබූ පාසලට කෘතගුණ දැක්වූවා.

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක් වන චන්දිමාල් තමන්ගේ පෞද්ගලි ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ 200ක වියදමින් ඉදි කළ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අද සිසු අයිතියට පත් කිරීම සිදු කෙරුණා.

දිවා රාත්‍රී පුහුණුවීම්වල යෙදිය හැකි මෙම ක්‍රීඩාංගණය රංජිත් පණ්ඩිතගේ ගෘහස්ථ ක්‍රීඩාංගනය ලෙසටයි නම්කර ඇත්තේ.

මෙම ක්‍රීඩාංගණය ධර්මාශෝක විද්‍යාලයේ සිසුන්ට පමණක් නොව සහෝදර පාසල්වල දරුවන්ට ද පරිහරණය කිරීමට අවස්ථාව සැලසෙන්නේ චන්දිමාල්ගේ විශේෂ ඉල්ලීමක් ලෙසයි.

යුද හමුදාපතිවරයාගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙය ඉදිකිරීම ද විශේෂත්වයක්.

අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිනි සනූජා ජයවික්‍රම මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය මේ සඳහා සහාය ලබාදී තිබෙනවා.

ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් වයස අවුරුදු 13න් පහළ සහ 15න් පහළ, 17න් පහළ කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කළ චන්දිමාල් 2004 / 2005 වසර වලදී විද්‍යාලයීය මහා ක්‍රිකට් තරග සඳහා ද ක්‍රීඩා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03