ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම අද සමත්වුනා. ඒ දකුණු අප්‍රිකාවත් සමග අද පැවති තරගය කඩුලු 8කින් ජය ගනිමින්.

තරගය දකුණු අප්‍රිකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමඟ පැවති අතර තරගයට පළමුවෙන් පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියළුදෙනා දැවී ලකුණු 125 ක් රැස්කළා.
පන්දු යැවීමේදී නුවන් කුලසේකර කඩුළු 5 ක් බිද හෙළුවා.

ලකුණු 126 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රි ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම පන්දුවාර 17 පන්දු 2 ක් තුළ කඩුළු 2 ක් පමණක් දැවී ලකුණු 129 ක් ලබා තරගය ජය ගත්තා.

උපුල් තරංග නොදැවී ලකුණු 39 ක් රැස් කළ අතර චින්තක ජයසිංහ නොදැවී ලකුණු 47 ක් රැස්කළා.

ඊට අමතරව සනත් ජයසූරිය සහ ටී එම් ඩිල්ෂාන් ලකුණු 18 බැඟින් ලබාගත්තා.

ඒ අනුව ශ්‍රි ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

අවසන් මහා තරගය ලබන ඉරිදා ඉන්දියාව සමගින් පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DV චානකගෙන් තවත් ප්‍රබල හෙළිදරව්වක්..රු.කෝටි 27ක ගල් අඟුරු මුහුදට වැටීමේ අවදානමක් ?
05:00
Video thumbnail
ඉවසුවා ඇතිනේද ?දැන් තමයි නැගිටින්න ඕනි.. දුමින්ද ජනතාවගෙන් ප්‍රශ්න කරයි
06:58
Video thumbnail
තෙල් ගේන මිනිහට ලොකු කුට්ටියක් ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා - ගම්මන්පිලට යකා නගියි
06:25
Video thumbnail
කැලඹුණු කාලගුණය නිසා දෙදෙනෙකුගේ දිවි අහිමිවෙලා..දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පීඩාවට
07:56
Video thumbnail
තාත්තයි දුවයි එකම තැන එළොව ගිය වන අලි ප්‍ර#හාරය..කාන්තාව හැඬූ කදුලින් වැදලා ඉල්ලපු දේ
04:11
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:10
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර නිසා දැඩි උණුසුම් තත්ත්වයක්
01:17
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න
00:45
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න - "වතුර ගහන්න එපා..වැලි දාන්න"
01:07