සිරුරට ගිනි තබාගත් සැමියා සත් දිනකින් මිය ගිහින්

පෙට්‍රල් සිරුරට හලාගෙන ගිනි තබාගත් පුද්ගලයෙකු සතියක කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (24) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බව පින්වත්ත පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උතුර තල්පිටිය, ප්‍රජා මණ්ඩල පාරේ පදිංචිව සිටි 48 හැවිරිදි දෙදරු පියෙක්.

ඔහු කළුතර අධිකරණයේ හිටපු ලිපිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා පසුගිය 16 වනදා රාත්‍රියේ බිරිඳ සමඟ ඇති වූ ආරවුලකින් පසු මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම අවස්ථවේ දී ගිනි ගනිමින් සිටි සැමියා බේරාගැනීමට බිරිඳ ද උත්සාහ කර ඇති අතර, එහිදී ඇය ද ගින්නට හසුව පිළිස්සී තුවාල ලබා තිබෙනවා.

පිළිස්සුම් තුවාල ලබා සිටි දෙදෙනාම පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර, සැමියාගේ තත්ත්වය බරපතළ බැවින් ඔහුව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවීමට කටයුතු කර තිබුණා.

ඒ, අනුව එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (24) අලුයම මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?