සිරුරට ගිනි තබාගත් සැමියා සත් දිනකින් මිය ගිහින්

පෙට්‍රල් සිරුරට හලාගෙන ගිනි තබාගත් පුද්ගලයෙකු සතියක කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (24) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බව පින්වත්ත පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උතුර තල්පිටිය, ප්‍රජා මණ්ඩල පාරේ පදිංචිව සිටි 48 හැවිරිදි දෙදරු පියෙක්.

ඔහු කළුතර අධිකරණයේ හිටපු ලිපිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා පසුගිය 16 වනදා රාත්‍රියේ බිරිඳ සමඟ ඇති වූ ආරවුලකින් පසු මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම අවස්ථවේ දී ගිනි ගනිමින් සිටි සැමියා බේරාගැනීමට බිරිඳ ද උත්සාහ කර ඇති අතර, එහිදී ඇය ද ගින්නට හසුව පිළිස්සී තුවාල ලබා තිබෙනවා.

පිළිස්සුම් තුවාල ලබා සිටි දෙදෙනාම පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර, සැමියාගේ තත්ත්වය බරපතළ බැවින් ඔහුව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවීමට කටයුතු කර තිබුණා.

ඒ, අනුව එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (24) අලුයම මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56