පොලිසියේ කියා මැණික් ගලක් කොල්ලකෑ අයෙක් අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් බව පවසා මැණික් ගලක් කොල්ලකෑ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 17 වනදා කටුගස්තොට වට්ටාරතැන්න පටුමගේදීයි පොලිස් නිලධාරීන් බව පවසා රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා නිල් පැහැති මැණික් ගලක් කොල්ලකා තිබුණේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයේදී ඊට අදාළ සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා බකමූණ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙක්.

අදාළ මැණික් ගල ලබා ගැනීමේ අරමුණින් මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු සහ අත්අඩංගුවට ගත් මෙම සැකකරු පැමිණිල්ල සිදු කර ඇති පුද්ගලයා සමග මැණික් ගල පරීක්ෂා කරමින් සිට තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරියෙකු ලෙසට පෙනී සිටිමින් යතුරුපැදියකින් පැමිණි තවත් පුද්ගලයෙකු මැණික් ගලේ හිමිකරු බියට පත් කර එය කොල්ලකා පළාගොස් ඇති බවටයි පොලිසිය සිදු කළ විමර්ශණයේදී අනාවරණ වී ඇත්තේ.

අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34