පොලිසියේ කියා මැණික් ගලක් කොල්ලකෑ අයෙක් අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් බව පවසා මැණික් ගලක් කොල්ලකෑ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 17 වනදා කටුගස්තොට වට්ටාරතැන්න පටුමගේදීයි පොලිස් නිලධාරීන් බව පවසා රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා නිල් පැහැති මැණික් ගලක් කොල්ලකා තිබුණේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයේදී ඊට අදාළ සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා බකමූණ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙක්.

අදාළ මැණික් ගල ලබා ගැනීමේ අරමුණින් මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු සහ අත්අඩංගුවට ගත් මෙම සැකකරු පැමිණිල්ල සිදු කර ඇති පුද්ගලයා සමග මැණික් ගල පරීක්ෂා කරමින් සිට තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරියෙකු ලෙසට පෙනී සිටිමින් යතුරුපැදියකින් පැමිණි තවත් පුද්ගලයෙකු මැණික් ගලේ හිමිකරු බියට පත් කර එය කොල්ලකා පළාගොස් ඇති බවටයි පොලිසිය සිදු කළ විමර්ශණයේදී අනාවරණ වී ඇත්තේ.

අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාග බස්තමත් අරගෙන යන එකට ජනපති හිනාවෙවී ගහපු හින්ට් එක - හෙට මොන පි#ස්සුවක් නටයිද දන්නේ නෑ ?
08:01
Video thumbnail
Kingsbury හෝටලයට සරත් වීරසේකරගෙන් එන්තරවාසියක් - හෝටලයේ CCTV දර්ශන විකෘති කරලා
03:23
Video thumbnail
රටේ ආර්ථිකය ගැන ජනපති වේදිකාවේ උජාරුවෙන් කිව්ව කතාව - අලුතෙන් බදු ගහලා නෑ - තිබ්බ ඒවත් අඩු කළා
11:32
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24