දියණිය අපයෝජනය කර පළාගිය පියෙක් සොයන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි

තම බාල වයස්කාර දියණිය අපයෝජනයට ලක් කර පළාගොස් සිටින පුද්ගලයෙකු සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතනවා.

වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින මෙම සැකකරු ඔහුගේ අවුරුදු 9යි මාස 2ක් වයසැති දියණියට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කර ප්‍රදේශයෙන් පළාගොස් සිටින බවටයි මාවතගම පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ.

මිරිස්ස බඩල්ගේ ගිහාන් ධනුෂ්ක නම් සැකකරු 29 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු වලස්මුල්ල පඹුරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරුගේ ඡායාරූප ද පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 071 8591258 හෝ 037 2299222 අංකයෙන් මාවතගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට දැනුම්දිය හැකියි.

එමෙන්ම ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා වෙත ද 0718597402 අංකයෙන් සැකකරු පිළිබඳ තොරතුරු ලබාදිය හැකි බවයි පොලිසිය කියාසිටියේ.

Police Report


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15