පාසල අවසන් වී යමින් සිටි සිසුන් දෙදෙනෙකුට හෙල්මට් ප්‍රහාරයක්

පාසල අවසන්වී නිවස වෙත යමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකුට හෙල්මට්වලින් සහ අතින් පයින් පහරදුන් බව කියන තරුණයන් 4 දෙනෙකු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

පහරකෑමට ලක්වූ එක් සිසුවෙකුගේ මවක විසින් කළ පැමිණිල්ලක් අනුවයි පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.

පහර කෑමට ලක්වූ පානදුර ප්‍රදේශයේ පාසලක සිසුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට යොමු කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා අද පාසල අවසන්වී පින්වත්ත පිරිවෙන පාරේ යමින් සිටියදී සැකකරුවන් පැමිණ පහරදී ඇතැයි සඳහන්.

මෙම සිසුන් දෙදෙනාගේ හිසට, ඇසට සහ ශරීරයේ තවත් ස්ථාන කිහිපයකට එල්ලවූ ප්‍රහාරවලින් පසු රෝහල් ගතකර ඇති බවත් පොලිසිය ප්‍රකාශ කළා.

ප්‍රේම සම්බන්දයක් මුල්කර ගනිමින් මෙම පහරදීම සිදුවී ඇති බවටයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

මේ අතර පානදුර ජනප්‍රිය පාසලක සිසුවෙක් බෝතල් කටුවකින් ඇනීම හේතුවෙන් එම විදුහලේම සිසුවෙකුගේ පාදයකට කැපුම් තුවාල සිදුවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බවයි පානදුර දකුණ පොලිසිය සඳහන් කළේ.

තුවාල ලබා ඇත්තේ පානදුර නල්ලූරුව ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි සිසුවෙක්.

ඔහු කැපුම් තුවාල සහිතව පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත්තේ.

පහරකැමට ලක්වූ දරුවාගේ පියා විසින් කළ පැමිණිල්ලක් මත මෙලෙස පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

පහරකෑමට ලක්වූ සිසුවා පහරදුන් සිසුවාට නිතර විහිළු කර ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21