ඉරාන – ශ්‍රී ලංකා ජනපතිවරු හමු වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිඩ් ඊබ්‍රහිම් රයිසි මහතා (Seyyed Ebrahim Raisi) අතර නිල හමුව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) නිව්යෝර්ක් නුවර දී සිදු වී තිබෙනවා.

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සහයෝගීතාව සහ වසර ගණනාවක් පුරා දෙරට විසින් එකිනෙකා වෙත ලබා දුන් අන්‍යෝන්‍ය සහයෝගය පිළිබඳව සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ආර්ථික අර්බුදකාරී අවස්ථාවේදී ඉරානය ශ්‍රී ලංකාව ලබාදුන් සහාය පිළිබඳවද සිය කෘතඥතාව පළ කළා.

නව ප්‍රවේශයන් ඔස්සේ දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කරගත යුතු බව මෙහිදී පැවසූ ඉරාන ජනාධිපතිවරයා යෝජනා කළේ දෙරට අතර ආර්ථික සහයෝගීතාව පුළුල් කර ගැනීමේ ශක්තිමත් ප්‍රවේශයක් ලෙස ඒකාබද්ධ ආර්ථික කොමිසම කඩිනමින් පිහිටුවීමටයි.

විශේෂයෙන් ඉරානය සතු අතිනවීන කෘෂි තාක්ෂණ දැනුම මෙරට කෘෂිකර්මාන්තය සඳහා ලබා ගැනීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර ඉදිරියේ දී ඒ පිළිබඳව ද සහයෝගයෙන් කටයුතු කිරීමට නායකයන් එකඟ වී තිබෙනවා.

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ පුළුල් අවස්ථාවක් පවතින බවත්, ඉන්දියානු සාගර වටද්දර සංගමයට (IORA) අයත් සාමාජික රටවල් ද එයට ඇතුළත් කරගත යුතු බවටත් නායක දෙපළ මෙහිදි පිළිගෙන තිබෙනවා.

විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රය වෙනුවෙන් විශේෂයෙන්ම උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉරානය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය මෙහිදී අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස කළ ආරාධනාව ද ඉරාන ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබුවා.

එසේම එම සංචාරයට සමගාමීව දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට ද නායකයන් දෙපළ මෙහිදී එකඟ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32