අන්තරායකර මත්ද්‍රව්‍ය ලැයිස්තුවට ඇතුළත් කර ඇති ගංජා මත්ද්‍රව්‍ය භාවිතය මෙරට ප්‍රවර්ධනය කිරීමට රජය අවසර දෙන්නේ දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) විමසා සිටියේය.
ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නයක් මතුකරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.
අන්තරායකර ඖෂධ සඳහා යොමුවන්නන් බහුතරයක් ආරම්භක ද්‍රව්‍යයක් ලෙස ගංජා භාවිත කරන බවට පර්යේෂණ වාර්තාවල පවා සඳහන් වන බවත් විනෝදාස්වාදය වෙනුවෙන් ගංජා ඉරීම සහ ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය නීතිමය අවසරය ලබා දීමට රජය කටයුතු කරන්නේ දැයි විපක්ෂ නායකවරයා විමසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ලෝකයේ බොහෝ රටවල් අන්තරායකර මත්ද්‍රව්‍ය ලැයිස්තුවට ඇතුළත් කර ඇති ගංජා මත්ද්‍රව්‍ය භාවිතය මෙරට ප්‍රවර්ධනය කිරීම තුළින් අන්තරායකර මත්ද්‍රව්‍යවලට පෙළඹෙන්නන් වැඩි නොවේ යැයි රජය අපේක්ෂා කරන්නේ කෙසේද?
අන්තරායකර ඖෂධ සඳහා යොමුවන්නන් බහුතරයක් ගංජා මත්ද්‍රව්‍ය භාවිතය ආරම්භක ද්‍රව්‍යයක් ලෙස භාවිත කරන බව පර්යේෂණවල මතය වන හෙයින් මේ තත්ත්වය වැළැක්වීම සඳහා රජය සතු නිශ්චිත වැඩපිළිවෙළක් තිබේද?
විනෝදාස්වාදය සඳහා ගංජා ඉරීම සහ ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය නීතිමය අවසරය ලබා දීමට රජය කටයුතු කරන්නේද? කරුණාකරලා බියර් බලපත්‍ර මන්ත්‍රීවරුන් හරහා බෙදා දීම නතර කරන්න. ඒවායින් ගම, නගරය, රට හැදෙන්නේ නෑ. ඒවායින් හැදෙන්නේ මත්පැන් කොම්පැනි, දුම්කොළ සමාගම්. මම ඉල්ලීමක් කරනවා