පොලිස් නිලධාරීයා අනියම් පෙම නැවතූ නිසා කෝප වූ කත පොලීසිට කඩා පැන යකා නටයි

බිංගිරිය පොලිස් ස්ථානයට කඩා වැදී රාජකාරියේ නිරත වෙමින් සිටි රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට බැන වැදුණු බව කියන කාන්තාවක් මෙම මස 21 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෙට්ටිපොල මහේස්ත්‍රාත්වරයා නියම කර තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ හිගුරක්ගොඩ – තානායම පාර පදිංචි කාන්තාවක්.

19 වෙනිදා දහවල් කාලයේ තමන් පොලිස් ස්ථානයේ නිල කාමරයේ රාජකාරියේ නිරත වෙමින් සිටින විට පැමිණි කාන්තාවක් තමන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් රාජකාරියට බාධා කළ බව බිංගිරිය පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථනාධිපති පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියංකර යන අය පොලීසියට පැමිණිල්ලක් කරමින් සදහන් කර ඇත.

එම පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වී ඇති පොලිස් නිලධාරීන් බිංගිරිය – බෝවත්ත බස් නැවතුම් පළේ රැදී සිටින විට සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැමිණිළිකාර පොලිස් පරීක්ෂකවරයා කටුනායක ප්‍රදේශයේ රාජකාරි කටයුතු සිදු කරන කාලයේ සැකකාරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඇති බව මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත. එම සම්බන්ධතාවය නවත්වා දැමූ නමුත් පැමිණිළිකාර පොලිස් නිලධාරියා පසුව සේවය කරන සෑම පොලිස් ස්ථානයක් වෙතම ගොස් සැකකාරිය කලහකාරී ලෙස හැසිරී ඇති බවද විමර්ශණ වලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

බිංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

  1. මේ යකා ගෑනි පාවිච්චි කරලා කට්ටි පනිනවා.පොලිස් කාරයො පොලීසියට එන හැම ගෑනිටම ඔය වැඩේ කරන්න බලනවා.පොලීසියේ හැම කරා තිරමකම
    නිලයක ඉන්න උන් ඔය වැඩේ කරනවා.උසාවිය මේ වින්දික කාන්තාවට සාධාරනයක් කල යුතුය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06
Video thumbnail
ඥානසාර හිමිට ජනාධිපති සමාව ඉල්ලා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය පාරට බහියි
00:58
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20