රට රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි

ජනාධිපති කාර්ය සධන බලකායේ සේවය කරන බව පවසමින් විදේශ රැකියා ලබාදීමට පුද්ගලයින්ගෙන් මුදල් ලබාගත් බව කියන අයෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නවසීලන්තය, දකුණු කොරියාව, ජපානය, නෙදර්ලන්තය වැනි රටවල්වල රැකියා අවස්ථා ලබාදෙන වැඩ සටහනක් ක්‍රියාත්මකවන බවත්, එම රැකියා අවස්ථා ලබාදීමට හැකි බව පවසමින් සැකකරු මෙලෙස පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව සැකකරු විසින් එක් රැකියා අවස්ථාවක් සඳහා රුපියල් ලක්ෂ 15ක් වැයවන බවත්, පළමුව රුපියල් 750,000ක් ඒ සඳහා ගෙවිය යුතු බවයි ඔහු පවසා ඇත්තේ.

එමෙන්ම මෙම රැකියා වැඩසටහන සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, විෂය භාර ඇමතිවරයාගේ සහ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයාගේ ද සහාය ලැබන බවයි සැකකරු පවසා ඇති බව සඳහන්.

මෙම සැකකරු සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් සැකකරුව උපක්‍රමශීලීව බත්තරමුල්ල ප්‍රදේශයට ගෙන්වා ගෙන මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පැමිණ ඇති මෝටර් රථය ඉදිරිපිට ‘ජනාධිපති ලේකම් කාර්යාලය’ යන පුවරුවක් ද ප්‍රදර්ශණය කර තිබූ බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (19) කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උත්සව සමයට ගම්බිම් බලා යාමට විශේෂ දුම්රිය සේවාවන් රැසක්..පා පුවරුවේ ගමන් කරන විට ආරක්ෂාකාරි වෙන්න
01:26
Video thumbnail
හූ..ලැජ්ජා නැද්ද යකෝ - NPP සෙට් එක නිසා මාතර සමූපකාර රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
16:37
Video thumbnail
CTB බස් එකේ යනවනම් අවුරුදු තෑගි..ගන්න ටිකට් සුරක්ෂිතව තියාගන්න
04:10
Video thumbnail
නාමල් ඔය කියන පාටි දැම්මේ නෑ..නාමල්ගේ උපන්දිනය ක්‍රේන්ද්‍රකරගෙන මාලිමාව බොරු ප්‍රචාර යවනවා
02:43
Video thumbnail
ගම්බිම් බලා යන ජනතාවගේ අඩුවක්..කෝච්චි බස් තියෙනවා - සෙනඟ අඩුයිනේ..හෙට කොහොමත් නැතිවෙයි
02:07
Video thumbnail
කෝප් සභාපති ඔයා ඉල්ලා අස් වෙන්න ඕනි..ඊයේ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වුණා
04:45
Video thumbnail
ටැප් කඩපුවට CIDට ආ සෙට් එක කිව්ව කතා එක පෙළට.."මම සංවිධායක ධුරයක් දරන්නේ නෑ"
01:18
Video thumbnail
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ණය දීර්ඝ කිරීමට අපිත් ඉල්ලීම් කරන්නම් l Sajith Premadasa
07:21
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46