ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා රම්‍යා ශ්‍රියාණි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක, නාට්‍ය ශිල්පිනියකවන රම්‍යා ශ්‍රියාණි පතිරණ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කෙරුණු ඇය අද (18) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වුණේ.

අභාවප්‍රාප්ත වන විට ඇය 64 වැනි වියේ පසුවුණා.

ගුවන් විදුලි නාට්‍ය ශිල්පිණියක ලෙස 1978 දී ගුවන් විදුලි සංස්ථාවට එක්වූ ඇය 1981 වර්ෂයේ සහන නිවේදිකාවක ලෙස නිවේදන වෘත්තියට පිවිසියා.

ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙද සේවයේ අයගේ සේවා කාලය වසර 38ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?