ලංකාවට ලබාදෙන රැකියා කෝටාව වැඩි කිරීමට කොරියාව අපේක්ෂාවෙන්

කොරියානු ජනරජයේ රැකියා හා කම්කරු අමාත්‍ය ලී ජුං-සික් ප්‍රමුඛ දූත පිරිසක් සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන අතර හමුවක් පසු ගියදා පාර්ලිමේන්තුවේ දී සිදු කෙරුණා.

මෙහිදී අදහස් දැක් වූ කොරියානු රැකියා හා කම්කරු අමාත්‍ය ගරු ලී ජුං- සික් සඳහන් කළේ, වත්මන් ආර්ථික හා සමාජීය වෙනස්කම්වලට අනුව කොරියානු රැකියා බලපත්‍ර ක්‍රමය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කෙරෙන බවයි.

එමඟින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හට ලබාදෙන රැකියා කෝටාව වැඩි කිරීම සඳහා අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළා.

මෙම ප්‍රතිව්‍යුහගතකරණය තුළින් ශ්‍රී ලංකාවට ඇති අවස්ථා විශේෂයෙන්ම විවිධ කර්මාන්ත අංශ සහ විශේෂිත සේවා අංශය වෙත පුළුල් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

මීට අමතරව, ශ්‍රී ලාංකිකයින්ට කොරියානු භාෂාව ඉගැන්වීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ කොරියානු රැකියා සහ කර්මාන්ත අමාත්‍යවරයා කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (KOICA) සහ අනෙකුත් සහයෝගීතා වැඩසටහන් තවදුරටත් ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළා.

කොරියානු රැකියාවල නිරතවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල ප්‍රතිලාභ ලැබෙන බවත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට විවධ රැකියා අංශ හරහා සේවයේ නිරතවීමට වැඩි අවස්ථාවන් ලබා දෙන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මෙහිදී ඉල්ලීමක් සිදු කරනු ලැබුවා.

එමෙන්ම කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (KOICA) ශ්‍රී ලංකාවට නිරතුරුව ලබාදෙන සහාය පිළිබඳව ද කථානායකවරයා සිය කෘතවේදීත්වය පළ කර සිටියා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?