රාමේෂ්වරම් ධීවරයන් විරෝධයක

ශ්‍රී ලංකා බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටින තම ධීවරයින් 17 දෙනෙකු නිදහස් කරන ලෙස බලකරමින් රාමේෂ්වරම් ධීවරයින් වර්ජනයක නිරත වනවා.

ධීවර යාත්‍රා 800ක් පමණ වරායේ නවතා ධීවරයන් මෙම විරෝධතාවයේ නිරතවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය බදාදා රාත්‍රී මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයන් 17 දෙනෙකු මෙරට නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන්ගෙන් ධීවරයන් 8 දෙනෙකු රාමේෂ්වරම් ප්‍රදේශයේ ධීවරයන් වන අතර අනෙක් 9 දෙනා පුදුකෝට්ටයි දිස්ත්‍රික්කයේ ධීවරයන් පිරිසක්.

ඔවුන් සමග ධීවර යාත්‍රා 3ක් ද නාවික හමුදා භාරයට ගනු ලැබුවා. එම ඉන්දීය ධීවරයන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කර ඇත්තේ ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

මෙලෙස තම ධීවරයන් නිරන්තරයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්වීමට ද විරෝධය දක්වමිනුයි රාමේෂ්වරම් ධීවරයන් වැඩ වර්ජනය ආරම්භ කර ඇත්තේ.

මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජය රාජ්‍යතාන්ත්‍රික පියවර ගනිමින් තම ධීවරයන් නිදස් කර ගැනීමට පියවර ගත යුතු බව ධීවර සංගමයේ නායක පී ජේසුරාජා ප්‍රකාශකර තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම වසරේ ගතවූ කාලය තුළ පමණක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තම ධීවරයන් 110 දෙනෙකු සහ යාත්‍රා 17ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එම ධීවරයන් ශ්‍රී ලංකාවේ අධිකරණ මගින් නිදහස් කරනු ලබන්නේ යළිත් ශ්‍රී ලංකා මුහුදු සීමාවට නොපැමිණෙන බවට වන දැඩි ඇප කොන්දේසි මත වන අතර ඔවුන්ගේ යාත්‍රා සහ දැල් ආම්පන්න ද යළි ලබා නොදෙන බව රාමේෂ්වරම් ධීවරයන් ප්‍රකාශ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03
Video thumbnail
ලාල්කාන්ත කිසිම නඩුවක් දාන්නේ නෑ නෙවෙයි දාන්න බෑ..කීර්තිනාමය නැති කෙනෙක්ගේ කොහොමද පළුදු වෙන්නේ
04:40
Video thumbnail
හැකර්ලා Hack කරපු එකක් වෙලා නෑ - ගම්මන්පිල සියල්ල හෙළිකරයි..මාරු කරපු ගිණුම පැලවත්තේ එකක්ද ?
04:07
Video thumbnail
හොරාගේ අම්මගෙන් නෙවෙයි දැන් පේන අහන්නේ හොරාගෙන්..එළියට නොදා මේක වහගන්නද බැලුවේ?
11:56
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56
Video thumbnail
ගාල්ල බද්දගම මාර්ගය නිසා දැඩි උණුසුම් තත්ත්වයක් - උනුත් එකයි මුනුත් එකයි..අපේ පාර කඩලා
04:50
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18