නිවසක තනිව සිටි පුද්ගලයෙකු ආරක්ෂක නිලධාරියාගේ පහරදීමෙන් මරුට

කටුගස්තොට මැණික්කුඹුර ප්‍රදේශයේ ඉදි කරමින් පවතින නිවසක තනිව සිටි පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

ඉදි කරමින් පවතින තෙමහල් නිවසේ සිටි 57 හැවිරිදි මෙම පුද්ගලයා ඝාතනය කර තිබියදී අද අලුයම කටුගස්තොට පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පවුලේ සියලු සාමාජිකයින් සමඟ විදේශතව සිට ඇති මෙම පුද්ගලයා දැනට මාස දෙකකට පමණ පෙර තනිවම පැමිණ නිවස ඉදි කිරීමේ කටයුතුවල නිරතව සිට ඇති බවට අනාවරණ වී තිබෙනවා.

ඔහුගේ පවුලේ සියලු දෙනා මේ වන විටත් විදෙස් රටක රැඳී සිටින බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත්තේ.

මෙම නිවසේ ආරක්ෂාව සඳහා පුද්ගලික ආරක්ෂක සේවයකට අයත් ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු වන පිය පුතු දෙපළක් ද මාරුවෙන් මාරුවට ආරක්ෂක කටයුතුවල නිරතවී තිබෙනවා.

නිවසේ ආරක්ෂාව සඳහා සිටි 33 හැවිරිදි පුද්ගලයා අද අළුයම කටුගස්තොට නගරයේදී විශාල මන්නා පිහියක්ද රැගෙන සැරිසරනු දැක ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසිය වෙත භාර දී ඇතැයි සඳහන්.

එම ආරක්ෂක නිලධාරියා විසින් තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

නිවෙස් හිමිකරු සිද්ධිය වූ ස්ථානයේ දීම මිය ගොස් ඇති අතර, ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැහැ.

පොලිස් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පේරාදෙණිය, මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12