නල්ලූර් කෝවිලට පැමිණි දැරියක් අතුරුදහන්, දැක්කොත් පොලිසියට කියන්න

යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික උත්සවය වෙනුවෙන් පැමිණ සිටි වයස අවුරුදු 2 යි මාස 6 ක දැරියක, එහි සිටි යාචක කාන්තාවක  පැහැරගෙන ගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ වවුනියාව, සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි දැරිය සිය මව, මිත්තණියහා වසර අවුරුදු එකයි මාස හයක් පමණ වන බාල සොහොයුරා සමග පසුගිය 06 වැනිදා නල්ලුර් කෝවිල් භූමියට පැමිණ ඇති බවයි.

සිඟමන් යැදීම වෙනුවෙන් සිය පවුලේ සාමාජිකයින් කෝවිල වෙත පැමිණ ඇති බවට දැරියගේ මව පොලිසිය වෙත පවසා ඇති බවද පොලිසිය පැවසූහ.

අදාළ අවස්ථාවේ මඩකලපුවේ සිට සිඟමන් යැදීම වෙනුවෙන් පැමිණ සිටි කාන්තාවක් දැරියගේ පවුලේ අය සමඟ මිතුරු වි ඇති අතර,අදාළ කාන්තාව දැරිය පැහැරගෙන යන්නට ඇති බවට දැරියගේ මව සැක කරති.

දැරියගේ මව දැරිය මිත්තණිය වෙත භාර දී ඇය මුදල් රැස් කිරීමට ගොස් සිටියදි මඩකලපුවේ සිට පැමිණ බව කියන සැකකාර කාන්තාව කඩයට යන බව පවසා මිත්තනියගෙන් දැරිය ඉල්ලාගෙන පිටවගොස් ඇති අතර, මේ දක්වා සැකකාරිය හා දැරිය යළි පැමිණ නොමැති බවද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව පොලිසිය වෙත පැමිණිළි කොට ඇති අතර, පොලිසිය දැරියගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඡායාරූපයේ සිටින දැරිය සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් ළගම පොලිස් ස්ථානයට හෝ යාපනය මුලස්ථානය පොලිසියේ 021-2222222 , 0213211257 යන අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිසිය ඉල්ලීම් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?