චමින්ද කුලරත්න පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට

නීතිඥ චමින්ද කුලරත්න පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස පත්කර තිබෙනවා.

රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන චමින්ද ගුණරත්න කොළඹ විශ්වවිද්‍යාලයේ සහ එක්සත් රාජධානියේ බකිංහැම්ෂයර් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය හා පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙක්ද වෙයි.

පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් පත් කරනු ලැබීය.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් සහ කාර්යමණ්ඩල ප්‍රධානී තනතුරේ කටයුතු කළ රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වශයෙන් පත්වීම හේතුවෙන් එම තනතුරු පුරප්පාඩුවිය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතිරේක ලේකම්වරයකුවූ කුලරත්න අග්‍රාමාත්‍ය හිටපු ලේකම්, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් තනතුර ඇතුළු තවත් ඉහළ තනතුරු රැසකද කටයුතු කළා.

මෙයට අමතරව ලන්ඩන් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශකවරයා ලෙසද කටයුතු කර ඇති කුලරත්න මහතා වසර එකසිය විස්සකට වැඩි පැරණි තානාපති සේවා නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති ධූරයට පත් ප්‍රථම දකුණු ආසියාතිකයාද වන්නේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?