ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියයයි

අනුරාධපුරයේ සිට කොලොන්නාව දක්වා ධාවනය වෙමින් තිබූ ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව මහව පොලීසිය සදහන් කරයි.

15 වෙනිදා රාත්‍රී 11.15 ට පමණ මහව – මඩපොකුණ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.

මිය ගොස් ඇත්තේ මහව – මඩපොකුණ පදිංචිව සිටි තාහීර් ෆාසීල්(අවු:26) නම් වූ අයෙකි.

මෙම මරණය සිය දිවි නසාගැනීමක්ද,එසෙත් නැත්නම් වෙනත් හේතුවක් මත සිදුවූ එකක් යන්න සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදු කරන බව මහව පොලීසිය කියයි.