කෝටි 4කට ආසන්න වටිනාකමින් යුත් ස්වර්ණාභරණ කටුනායකදී අත්අඩංගුවට

රුපියල් 37,275,985ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අත් අඩංගුවට පත් වූ 26 හැවිරිදි කාන්තාවක් ව්‍යාපාරික කටයුතු වල නිරතව සිටින ඉන්දීය ජාතික කාන්තාවක්.

ඇය ඊයේ (14) උදෑසන 08.45ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK- 650 ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එම කාන්තාව විසින් රැගෙන විත් තිබූ විශාල රෙදිපිළි තොගයක් අඩංගු ගමන් මලු කීපයක් අතර පාර්සල් 08ක් ලෙස සකස් කර තිබූ රුපියල් 27,275,985ක් වටිනා කිලෝ1යි ග්‍රෑම් 748ක් බරැති ස්වර්ණාභරණ තොගය සඟවා තිබියදී යි හමුවී ඇත්තේ.

අනෙක් කාන්තාව කොළඹ ජම්පටා වීදියේ පදිංචි ව්‍යාපාරික කටයුතුවල නිරත 34 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක්.

ඇය අද අලුයම 05.50ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ AI- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඇය රුපියල් කෝටියක් පමණ වටිනා ග්‍රෑම් 516යි මිලි ග්‍රෑම් 907ක් බරැති ස්වර්ණාභරණ තොගය ඇයගේ පපු ප්‍රදේශයේ සඟවා ගෙන පැමිණ තිබූ බව සඳහන්.

මෙම කාන්තාවන් දෙදෙනාම කටුනායක ගුවන් තොටුපොළ රේගු කටයුතු ඇතුළු සියලු පරීක්ෂණ නිමවා ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබීම විශේෂත්වයක්.

මේ වනවිට මෙම කාන්තාවන් දෙදෙනා සහ ඔවුන් ගෙන ආ ස්වර්ණාභරණ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56