හොරෙන් රට රස්සාවට යන්න හැදූ තරුණයාට බාධාවක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම මගහැරීම සදහා සිංගප්පූරුවේ සංචාරයක නිරත වන බව පවසමින් විදෙස් රැකියාවකට යාමට උත්සාහ කළ තරුණයෙකු කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ මන්නාරම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක්.

ඔහු ඊයේ (14) රාත්‍රී තමන් සිංගප්පූරුවේ සංචාරයක් සදහා පිටත්ව යන බව පවසා කටුනායක ගුවන් තොටුපොළ වෙත පිවිස තිබුණා.

එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඕමානයේ මස්කට් නුවර වෙත ගොස් එතැනින් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර ඔස්සේ සිංගප්පූරුවට පැමිණීමට බලාපොරොත්තු වන බවයි.

එහෙත් පසුව ඔහු කටාර් ගුවන් සේවා කවුන්ටරය වෙත ගොස් සිය නිශ්කාශන කටයුතු කර ගැනීමට සූදානම් වනවිට, ඒ පිළිබඳ අවධානයෙන් සිටි ආගමන විගමන නිලධාරීන් ඔහු යළිත් තමන් වෙත කැඳවා ප්‍රශ්න කර තිබෙනවා.

එහිදී මෙම තරුණයා තමන් කටාර් රාජ්‍යයේ දෝහා වෙත රැකියාවක් සඳහා පිටත්ව යන බව ප්‍රකාශ කර ඇති අතර ඒ සඳහා එරටින් නිකුත් කළ රැකියා වීසා බලපත්‍රය සහ කටාර් ගුවන් යානා ප්‍රවේශ පත්‍රය මෙම කරුණු තහවුරු කිරීම සදහා ඉදිරිපත් කරනු ලැබුවා.

එසේම තමන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම මගහැරීම සඳහා කූඨ ලෙස සකස් කළ ව්‍යාජ සිංගප්පූරු වීසා බලපත්‍රයක් සහ ඕමාන් ගුවන් සේවා ප්‍රවේශ පත්‍රයක් මුලින් ඉදිරිපත් කළ බවයි ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව මෙම තරුණයා ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
2
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32