නීති විරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙක් අතුරුදන් (ඡායාරූප)

කිලිනොච්චිය පුදුඅයියන්කුලම ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසළ නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීම සඳහා ගිය පොලිස් කොස්තාපල්වරයකු අතුරුදහන්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ ඇළ ආසන්නයේ සිදුකෙරෙන මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසිය වෙත ලැබුණු තොරතුරක් මත අද පස්වරුවේ එම ප්‍රදේශයේ වැටලීමක් සඳහා ගිය පොලිස් කොස්තාපල්වරයකු මෙලෙස අතුරුදහන්ව ඇති බවයි.

ඔහු කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙක්.

පොලිසිය පැවසුවේ වැටලීම සිදුකරන අවස්ථාවේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි සැකකරුවන් ඇළට පැන පිහිනා ගොස් ඇති බවයි.

ඒ සමඟම මෙම අතුරුදන්වූ කොස්තාපල්වරයා සමඟ තවත් දෙදෙනකු සැකකරුවන් අල්ලා ගැනීමට පසුපස පිහිනා ගිය අවස්ථාවේ කොස්තාපල්වරයා අතුරුදහන්ව තිබෙනවා.

ඔහු අතුරුදහන් වූ ඇළේ සහ කැළෑ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් මේ වන විට ආරම්භ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කොස්තාපල්වරයා ඇළෙහි ගිලී ඇති බවට සැකයක් පවතින ඇළෙහි පවතින මඩ හේතුවෙන් සොයාගැනීම දුෂ්කර වී ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

කිලිනොච්චිය යුද හමුදාව, පොලිස් ජීවිතාරක්ෂක ඒකකය, පොලිස් නිල සුනඛ කොට්ඨාසය, කිලිනොච්චිය පොලිසිය සහ ප්‍රදේශවාසීන් අතුරුදහන්වූ කොස්තාපල්වරයා සොයා සෝදිසි මෙහෙයුම්වල නිරත වනවා.

4
2 1
3 2
5
1 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
2
+1
13
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දීඝ දන්තු හස්තියාගේ දළ සහිත අස්ථි කොටස් වසර එකාහමාරකට පසු ගොඩ ගනියි
02:03
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25