AFC Banner
Empty Ad
Empty Ad

ඕමාන තානාපති සහ බිමල් රත්නායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති Ahmed Ali Said Alrashidi මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක අතර හමුවක් අද (13) ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති කාර්යාලයේදී සිදුවී තිබෙනවා.

මෙම හමුවේදී ඕමානයේ ජීවත්වන සහ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් පිළිබඳවත් ශ්‍රී ලංකාව තුල සිදුකරන ඕමාන ආයෝජන සහ ඕමානය තුල සිදුකළ හැකි ශ්‍රී ලංකාවේ ආයෝජන පිළිබඳවත් සාකච්ඡා සිදු වූ බව සඳහන්.

මෙහිදී විශේෂයෙන් ඕමාන තානාපතිවරයා සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින් කැමැත්තක් දක්වන්නේ නම් ඕමානය තුල ඔවුන්ගේ ආයෝජන සිදුකළ හැකි අතර තම රජයට ඒ සම්බන්ධයෙන් සහයෝගය ලබාදිය හැකි බවයි.

එහිදී එම ආයෝජන තුලින් ලබන ලාබය ශ්‍රී ලංකාවට ලබාගත හැකියාව මෙන්ම එම ව්‍යාපර තුල ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථාව ලබාගැනීමට හැකියාව ද තිබෙන බව තානාපතිවරයා පෙන්වා දී තිබෙනවා.

එම හමුවේදී ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය පිළිබඳවත් ලංකාවේ දේශපාලන සංස්කෘතියේ පිරිහීම නිසා ආයෝජකයින්ට ඉන් ඇති වී තිබෙන බලපෑමත් එම තත්වයන් වෙනස් කිරීම සඳහා ජාතික ජනබලවේගය යෝජනා කරන ප්‍රතිපත්තීන් පිළිබඳවත් බිමල් රත්නායක අදහස් හුවමාරු කර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?