ඕමාන තානාපති සහ බිමල් රත්නායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති Ahmed Ali Said Alrashidi මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක අතර හමුවක් අද (13) ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති කාර්යාලයේදී සිදුවී තිබෙනවා.

මෙම හමුවේදී ඕමානයේ ජීවත්වන සහ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් පිළිබඳවත් ශ්‍රී ලංකාව තුල සිදුකරන ඕමාන ආයෝජන සහ ඕමානය තුල සිදුකළ හැකි ශ්‍රී ලංකාවේ ආයෝජන පිළිබඳවත් සාකච්ඡා සිදු වූ බව සඳහන්.

මෙහිදී විශේෂයෙන් ඕමාන තානාපතිවරයා සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින් කැමැත්තක් දක්වන්නේ නම් ඕමානය තුල ඔවුන්ගේ ආයෝජන සිදුකළ හැකි අතර තම රජයට ඒ සම්බන්ධයෙන් සහයෝගය ලබාදිය හැකි බවයි.

එහිදී එම ආයෝජන තුලින් ලබන ලාබය ශ්‍රී ලංකාවට ලබාගත හැකියාව මෙන්ම එම ව්‍යාපර තුල ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථාව ලබාගැනීමට හැකියාව ද තිබෙන බව තානාපතිවරයා පෙන්වා දී තිබෙනවා.

එම හමුවේදී ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය පිළිබඳවත් ලංකාවේ දේශපාලන සංස්කෘතියේ පිරිහීම නිසා ආයෝජකයින්ට ඉන් ඇති වී තිබෙන බලපෑමත් එම තත්වයන් වෙනස් කිරීම සඳහා ජාතික ජනබලවේගය යෝජනා කරන ප්‍රතිපත්තීන් පිළිබඳවත් බිමල් රත්නායක අදහස් හුවමාරු කර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08