කළුබෝවිටියන තේ කර්මාන්තශාලා සමාගමට කෝප් කමිටුවෙන් ප්‍රශංසා

කළුබෝවිටියන තේ කර්මාන්තශාලා සමාගම (කළුබෝවිටියන ටී ෆැක්ටරි ලිමිඩට්) ආයතන‍ය ලබා ඇති ප්‍රගතිය පිළිබදව කෝප් සභාපතිවරයා සිය ශුභාසිංශන එක් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාරගේ සභාපතීත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) කළුබෝවිටියන තේ කර්මාන්තශාලා සමාගම (කළුබෝවිටියන ටී ෆැක්ටරි ලිමිඩට්) කැඳවා තිබුණා.

මෙහිදී එම ආයතනයේ 2021, 2022 විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීම සිදු වූ අතර වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්, කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගමේ සභාපති ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

2022 වසරේ ආයතනයේ වැඩිම ආදායම වූ රුපියල් බිලියන 2ක් සහ බදු ගෙවීමෙන් පසු මිලියන 214ක ලාභයක් ද වාර්තා කිරීමට සමත්වූ බවයි මෙහිදී අදහස් දක්වමින් කළුබෝවිටියන සමාගමේ සභාපතිවරයා සඳහන් කළේ.

මාතර, ගාල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවල තේ කර්මාන්ත ශාලා 4ක් පවතින බවත් දළු ලබා ගැනීම ඇතුළු අභියෝග ගණනකට මුහුණදී සාර්ථකව ඒවා ජයගත් බවත් ඔහු පෙන්වා දුන්නා. එසේම රාජ්‍ය ආයතනයක් ලෙස රජයේ පවතින නීතිරීතිවලට ද අනුගත වෙමින් සමාගම සාර්ථකත්වය පෙන්වූ බවයි සමාගමේ සභාපතිවරයා සදහන් කළේ.

ආයතනය කුඩා වුව ද ගිණුම්, මූල්‍ය ප්‍රකාශන ඇතුළු කරුණු අනුව විශාල ප්‍රගතියක් මෙම රාජ්‍ය සමාගම පෙන්වා ඇති බවයි විගණකාධිපතිවරයා ප්‍රකාශ කළේ. මෙවැනි ප්‍රගතියක් සහිත ආයතයක් හමුවූයේ බොහෝ කාලයකින් බවත් ඒ මහතා ආයතනය අගයමින් සඳහන් කළා. මීට පෙර 2013 වසරේ මෙම ආයතනය කෝප් කමිටුවට කැදවා ලබා දී ඇති නිර්දේශ, සියයට අනූපහක ප්‍රමාණයකට අනුගත වෙමින් කටයුතු කර ඇති බවත් ඉහළ කළමනාකරණ දක්ෂතා තුළ විශාල ප්‍රගතියක් අත්පත්කරගෙන ඇති බවත් විගණකාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. මෙහිදී අවධානය යොමු වූයේ විගණන විමසුම් ද්විත්වයක් පිළිබඳ පමණයි.

සමාගම විසින් ප්‍රධාන කාර්යාලය පවත්වා ගෙන යනු ලැබූ ගොඩනැගිල්ල මාසික කුලි පදනම මත ලබා ගැනීමේදී ගෙවන ලද තැන්පතු මුදල වන රුපියල් මිලියන 1.4ක මුදල නැවත අයකරගැනීම ගැනීම පිළිබදව අවධානය යොමු වූ අතර ඒ සඳහා නඩු පවරා කටයුතු කරමින් සිටින බවයි නිලධාරීන් සඳහන් කළේ.

තවද 2003 වසරේදී සියයට විසි දෙකක පොලී අනුපාතයට රාජ්‍ය සමාගමකට ලබා දුන් ණය මුදල අයකර ගැනීම සිදුකළද පොලිය අයකරගතයුතු වීම පිළිබදව ද අවධානය යොමුවී තිබෙනවා. මේ අනුව එම ණය ලබා ගත් ආයතනය වාරික වශයෙන් රු. මිලියන 51ක පොලී මුදල ගෙවීමට කටයුතු කරන බවට සහතික වී ඇති බව ද නිලධාරීන් ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03