මොරොක්කෝ භූ කම්පනයෙන් මියගිය පිරිස තවත් ඉහළට – වැඩි පිරිසක් කුඩා ළමුන්

පසුගිය සිකුරාදා රාත්‍රියේ මධ්‍යම මොරොක්කෝවට බලපෑ දරුණු භූ කම්පනයෙන් මියගිය පිරිස 2,122 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගිය අය අතර වැඩි පිරිසක් කුඩා ළමුන් බව ද මොරොක්කෝ බලධාරීන් සඳහන් කරනවා.

වසර 60 කට පමණ පසු එරට සිදුවූ මෙම දරුණු ඛේදවාචකයෙන් පුද්ගලයින් 2,421 දෙනෙකු තුවාල ලබා ඇති බවයි තොරතරු වාර්තා වුණේ.

භූ කම්පනයෙන් පසු සුන්බුන් යට සිරවී සිටින අය බේරාගැනීමට මොරොක්කෝව මේ වනවිට කාලය සමඟ තරඟයකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

හදිසි සේවාවලට දුරස්ථ ප්‍රදේශවලට සිය සේවාවන් සැපයීම ද තවමත් අසීරු වී ඇති අතර, එම සේවා කණ්ඩායම් ද සේවා සැපයීම වෙනුවෙන් දැඩි සටනක නිරත වන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර සුන්බුන් අතර සිරවී සිටින පිරිස් බේරාගැනීමට සහන කණ්ඩායම්වලට යන්ත්‍ර සූත්‍ර සපයා ගැනීම ද ගැටළුවක් වී ඇති අතර, ඒ හේතුවෙන් දෑත් සහ සවල් ආධාරයෙන් සුන්බුන් අතර කැනීම් සිදුකරන බවට ද තොරතුරු වාර්තා වනවා.

රිච්ටර් මාපකයේ 6.8ක ප්‍රභලත්වයක් ගත් මෙම භූ කම්පනය හේතුවෙන් යුනෙස්කෝ ලෝක උරුමයක් වන මරකේෂ්ගේ පැරණි නගරයට හානි සිදුව තිබෙනවා.

මේ අතර මෙම ව්‍යසනයත් සමඟ මොරොක්කෝවේ VI වන මොහොමඩ් රජු සෙනසුරාදා දිනයේ සිට දින තුනක් ජාතික ශෝක කාලයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද කටයුතු කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජී.එල්ගේ කිහිල්ලේ මයිලුත් නෑ - ලැජ්ජා නැද්ද.. අටපිරිකර උස්සගෙන යනවා
10:03
Video thumbnail
මරික්කාර්ට ඕන විදිහට කරන්න දීලා ආණ්ඩුවේ කට්ටිය බම්බු ගහනවද..?
10:50
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30