Update – මධ්‍යම මොරොක්කෝවේ භූකම්පනයෙන් 296ක් ජීවිතක්ෂයට

මධ්‍යම මොරොක්කෝවට බලපෑ රිච්ටර් මාපකයේ 6.8ක ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ගලයන් 296 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම භූමිකම්පාව එරට වේලාවෙන් ඊයේ (08) රාත්‍රී 11:11ට පමණ සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කම්පනයේ කේන්ද්‍රය, මාරකේෂ් සිට කිලෝමීටර් 71ක් නිරිත දෙසින් කිලෝමීටර් 18.5ක් ගැඹුරින් පැවති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළා.

පළමු භූකම්පනය සිදුවී මිනිත්තු 19 කට පසුව 4.9 ක පසු කම්පනයක් ද සිදු වූ බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය වැඩිදුරටත් පැවසුවේ.

මෙම භූකම්පනයෙන් 153 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවට තොරතරු වාර්තා වනවා.

තුවාලකරුවන් සහ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි මුදවා ගැනීමේ කණ්ඩායම් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08