IMF නියෝජිතයන් විපක්ෂ නායක හමුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් පිරිසක් අද (7) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී තිබෙනවා.

මෙහි දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වත්මන් රජය විසින් ඇති කර ගත් ගිවිසුම සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ එළඹ ඇති ගිවිසුමේ ප්‍රගතිය සම්බන්ධයෙන් සහ රජය විසින් කඩිනමින් සම්පූර්ණ කළ යුතු කාර්යයන් සම්බන්ධයෙන් මුඛ්‍ය වශයෙන් අවධානය යොමු කළ අතර රජය විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවල දී සියලු ණය හිමියන්ට සාධාරණ ලෙස සැලකීම සහ අවදානම් කණ්ඩායම් වෙත විශේෂ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද විපක්ෂ නායකවරයා අයි. එම්. එෆ්. නියෝජිතවරුන්ට පෙන්වා දී තිබෙනවා.

තිරසර ආර්ථික යහපැවැත්මක් උදෙසා කෙටිකාලීන ආර්ථික දර්ශකවල ප්‍රගතිය මෙන් ම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වාර්තාව මඟින් පෙන්වා දී ඇති නීතියේ සාධාරණත්වය සහ යහපාලන මූලධර්ම සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කර කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ඔහු පෙන්වා දෙනු ලැබුවා.

එමෙන්ම ඉදිරි සතිය තුළ ආරම්භ කෙරෙන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත කණ්ඩායමේ සංචාරයේ දී, මෙරට ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සහ වර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රමවේද සම්බන්ධයෙන් රජයේ පාර්ශවයන් සහ විපක්ෂ කණ්ඩායම් අතර සාකච්ඡා පවත්වනු ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08