IMF නියෝජිතයන් විපක්ෂ නායක හමුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් පිරිසක් අද (7) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී තිබෙනවා.

මෙහි දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වත්මන් රජය විසින් ඇති කර ගත් ගිවිසුම සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ එළඹ ඇති ගිවිසුමේ ප්‍රගතිය සම්බන්ධයෙන් සහ රජය විසින් කඩිනමින් සම්පූර්ණ කළ යුතු කාර්යයන් සම්බන්ධයෙන් මුඛ්‍ය වශයෙන් අවධානය යොමු කළ අතර රජය විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවල දී සියලු ණය හිමියන්ට සාධාරණ ලෙස සැලකීම සහ අවදානම් කණ්ඩායම් වෙත විශේෂ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද විපක්ෂ නායකවරයා අයි. එම්. එෆ්. නියෝජිතවරුන්ට පෙන්වා දී තිබෙනවා.

තිරසර ආර්ථික යහපැවැත්මක් උදෙසා කෙටිකාලීන ආර්ථික දර්ශකවල ප්‍රගතිය මෙන් ම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වාර්තාව මඟින් පෙන්වා දී ඇති නීතියේ සාධාරණත්වය සහ යහපාලන මූලධර්ම සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කර කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ඔහු පෙන්වා දෙනු ලැබුවා.

එමෙන්ම ඉදිරි සතිය තුළ ආරම්භ කෙරෙන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත කණ්ඩායමේ සංචාරයේ දී, මෙරට ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සහ වර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රමවේද සම්බන්ධයෙන් රජයේ පාර්ශවයන් සහ විපක්ෂ කණ්ඩායම් අතර සාකච්ඡා පවත්වනු ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?