මත් රියදුරන් හඳුනා ගන්න විශේෂ පරීක්ෂණ කට්ටල තොගයක් පොලිසියට

මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියදුරන් හඳුනාගැනීම සඳහා විශේෂ පරීක්ෂණ උපකරණ කට්ටලයක් භාවිතයෙන් නියමු ව්‍යාපෘතියක් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කර තිබෙනවා.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මඟින් ඒ සඳහා වූ විශේෂිත පරීක්ෂණ කට්ටල 5000ක් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ ප්‍රතිපාදන යටතේයි මෙරටට ගෙන්වා ඇත්තේ.

මත්පැන් භාවිතා කර රිය ධාවනය කරන රියදුරන් හඳුනාගැනීම සඳහා මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණ තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවා තිබෙනවා.

අයිස්, හෙරොයින්, ගංජා, මත් පෙති, ඇතුළු මත්ද්‍රව්‍ය වර්ග 06ක්‍ හඳුනා ගැනීමේ හැකියාව මෙම පරීක්ෂණ කට්ටල සතුයි.

පරීක්ෂණ කට්ටල අතරින් 3000ක් යොදා ගනිමින් බස්නාහිර පළාත තුල ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන අංශය මගින් මැයි 10 වනදා සිට ජුලි 20 වනදා දක්වා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබුවා.

එමගින් හඳුනා ගන්නා ලද රියදුරන් රැසකට රියදුරු බලපත්‍ර අත්හිටූවීම්, දඩ නියම කිරීම සහ සිර දඬුවම් ලබාදීම සිදුකර තිබෙනවා.

නියමු ව්‍යාපෘතියෙන් අනතුරුව මෙරටට ගෙන්වන ලද ඉතිරි පරීක්ෂණ කට්ටල 1975ක්‍ ශ්‍රී ලංකා පොලිසිය වෙත නිල වශයෙන් භාර දීම ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේ දී සිදු කෙරුණා.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මෙරට මාර්ග සහ පොදු ප්‍රවාහනය භාවිතා කරන මගී ජනතාවගේ ජීවිත සහ දේපල ආරක්ෂාව පිළිබඳව විශාල වගකීමක් ශ්‍රී ලංකාව පොලීසිය ඇතුළු වගකිවයුතු ආයතන වෙත පැවරෙනවා.

මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවීම තුළින් පොදු ප්‍රවාහනය භාවිතා කරන මගීන් විශාල පිරිසකගේ සහ සමාන්‍ය ජනතාවගේ ජීවිත විශාල අවදානමකට ලක්වනවා. විශේෂයෙන්ම වර්තමානය වන විට සාම්ප්‍රදායික නොවන මත්ද්‍රව්‍ය පවා භාවිතා කිරීමට ඇතැම් රියැදුරන් පෙළඹීම ඉතාමත් අනතුරුදායක තත්ත්වයක්. ඒ තුළින් අනෙකුත් සෑම අනතුරකටම වඩා බරපතල ඛේදවාචක ඇතිවීමේ හැකියාවක් සහ අවදානමක් පවතිනවා.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මේ විශේෂිත පරීක්ෂණ කට්ටල භාවිතයට යොදා ගැනීම පිළිබඳව ඒ වෙනුවෙන් කැප වූ සියලු අංශවලට මගේ ස්තුතිය පිරිනමනවා. පවතින ආර්ථික දුෂ්කරතා මත ඉදිරියේ දී අමාත්‍යාංශය වෙත මෙවැනි කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ගැනීමේ අපහසුතාවයක් පවතිනවා. එබැවින් රථවාහන දඩ මුදල්වලින් ශ්‍රී ලංකා පොලීසියට වෙන්වන මුදලින් කොටසක් මෙවැනි උපකරණ ලබා ගැනීම සඳහා වෙන් කරනු ඇති බව මා බලාපොරොත්තු වනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15