ගිං ගඟේ අතුරුදන් වූ මාරක ළිඳේ යතුරුපැදි ධාවකයාගේ සිරුර හමුවේ (වීඩියෝ)

පසුගිය පළමුවනදා ගාල්ල – නාගොඩ ප්‍රදේශයේ පාලමක් මතින් ගිං ගඟට පැනීමෙන් පසු දියේ ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයාගේ සිරුර අද (03) දහවල් සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා ගිං ගඟට පැන්න ස්ථානයේ සිට කිලෝමීටර් 06ක් පමණ දුරින් හුනන්විටිය ප්‍රදේශයේ තිබී සිරුර සොයාගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවූ මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා ගාල්ල, නාගොඩ ප්‍රදේශයේ මේ දිනවල පවත්වනු ලබන සැණකෙළියක මාරක ළිඳේ යතුරුපැදි ධාවනයේ යෙදුනු අයෙක් බවටයි තොරතුරු වාර්තා වුණේ.

මෙම තැනැත්තා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ පෙරේදා (01) දිනයේ මත්පැන් පානය කර ගිං ගඟේ දිය නෑමට ගොස් තිබෙනවා.

එහිදී ඔහු බීමතින් පාලමක් මතින් ගිං ගඟට පැන ඇති අතර, එම අවස්ථාවේ දී ඔහු ජල පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව තිබුණා.

පසුව පොලිසිය සහ ප්‍රදේශවාසීන් සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි ඔහුගේ සිරුර මෙලෙස අද සොයා ගැනුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42