සමෘද්ධි බැංකුවක සේප්පුව කඩා මුදල් සොරකම්කර ආරක්ෂිත කැමරාවේ දත්තත් රැගෙන ගිහින්

සමෘද්ධි බැංකුවක සේප්පුව කඩා මුදල් සොරකම් කරගෙන එම බැංකුවේ සවි කර තිබූ ආරක්ෂිත කැමරා කට්ටලයේ දත්ත ඇතුළත් ගබඩාවද සොරකම් කර ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව පොතුහැර පොලීසිය පවසනවා.

තමා සේවය කරන සමෘද්ධි බැංකුවේ සේප්පුව කඩා එහි තිබූ රුපියල් 1,39,136.63 ක මුදලක් සොරකම් කර ඇති කිසියම් අයෙකු බැංකුව තුළ සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත ගබඩාවද රැගෙන ගොස් ඇති බව පැමිණිළිකාරිය පොලීසිය හමුවේ පවසා ඇත.

මෙම සොරකම කව්රුන් විසින් සිදු කර ඇද්ද යන්න සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව පොතුහැර පොලීසිය කියයි.