ඉන්ධන මිල ඉහළට

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල්  13 කින් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල 42 ඉහළ දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම මිල වැඩි කිරීම අනුව  ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල්  361ක් වනවා. ඔක්ටේන්   95 පෙට්‍රල් ලීටරයක මිල නව මිල රුපියල් 417ක්.

මීට අමතරව ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 35කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 359ක්  වනවා.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05 කින් ඉහළට දමා ඇති අතර එහි නව මිල රුපියල් 231ක්.

19151c27 bd73 4f26 a46c b9039372ce56