මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිමට ඇල්ල පොලිසිය විසින් අද (30) අලුයම සිදුකල මෙහෙයුමකදි සැකකරු විසින් පිහියකින් සිදුකල පහරදීමකින් තුවාල ලත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂන රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ඇල්ල ගොටුවෙල ප්‍රදේශයේ දි අද (30) අලුයම මෙම පහරදීම සිදුකර ඇති අතර එහිදි තුවාල ලැබු පොලිස් නිලධාරීන් දෙදෙනා 27 සහ 34 හැවිරිදි වියේ පසුවන මාතර දෙනියාය සහ හාලිඇල ප්‍රදේශයේ පදිංචි අයවලුන් වන අතර මුලික ප්‍රතිකාර වලින් පසු ඔවුන් දෙදෙනා වාට්ටු අංක 11 ඇතුලත් කල බවද පොලිසිය කීය.
සැකකරු ඇල්ල ගොටුවෙල ප්‍රදේශයේ පදිංචි “නේවි සමන්” යන අන්වර්ථ නාමයෙන් හදුන්වන 33 හැවිරිදි දෙදරු පියෙකි .
පහරදිම සිදුකොට සැකකරු පලායැමට තැත් කිරිමේදි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිදුකල පරික්ෂාවේදි ඔහු සන්තකයේ තිබි හෙරෝයින් ග්රැම් 8 කට වැඩි ප්‍රමානයක් සහ විදේශිය රටක නිෂ්පාදිත බව කියන අත් බෝම්බයක් සහ පහරදිමට යොදාගත් පිහියද සොයාගෙන තිබේ.
නාවික හමුදාවෙන් පාලාවිත් දිර්ඝ කාලයක සිට සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන බවට ලද තොරතුරු මත මෙම වැටලීම සිදුකල බවද පොලිසිය පැවසිය.
බණ්ඩාරවෙල පොලිසි වැඩිදුර විමර්ශන සිදුකරයි