තවත් මනුෂ්‍ය ඝාතනයක සැකකරුවෙක් කොටුවෙයි

නොරොච්චෝලය පොලීසිය විසින් ඊයේ (28) මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු රාගම පොලිස් වසමේ තේවත්ත පල්ලිය අසලදී අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 50 හැවිරිදි සේතපොළ, මාම්රිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පසුගිය 26 වනදා නොරොච්චෝලය, සේතපොළ කලපුව අසල නළලේ සහ වම් අතෙහි කැපුම් තුවාල සහිතව සැකකටයුතු ලෙස මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් සොයාගෙන තිබුණි.

පසුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නොරොච්චෝලය පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (29) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?