ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් බැලීම සඳහා ඥාතීන්ට යළි අවස්ථාව ලබා දී තිබෙනවා.
බන්ධනාගාරය තුළ පැතිර ගිය රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය දිනවල රැඳවියන් හමුවීම සීමාකර තිබුණා.
කෙසේ වෙතත් රැඳවියන් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම තවදුරටත් සිදුනොකරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ.
පැතිර ගිය රෝගී තත්ත්වයක් හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
මේ වනවිට එම රෝග ව්‍යාප්තිය පාලනය වී ඇති බවයි බන්ධනාගාර නිලධාරියෙකු සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1














