ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර කෘෂි තාක්ෂණික හුවමාරු වැඩ පිළිවෙළක්

වියට්නාමය සහ ශ්‍රී ලංකා රජයන් අතර කෘෂිකාර්මික තාක්ෂණික හුවමාරු වැඩ පිළිවෙළක් සඳහා ද්විපාර්ශ්වික ගිවිසුමකට එළැඹීම සම්බන්ධව මූලික සාකච්ඡාවක් ඊයේ (24) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත් වුණා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ මෙරට වියට්නාම තානාපතිනි Ho Thi Thanh Truc ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වනු ලැබුවා.

මෙරට කෘෂිකාර්මික අංශය සඳහා නව කෘෂි තාක්ෂණය යොදාගැනීම මේ වනවිට බහුල වශයෙන් සිදූ කෙරෙන නමුත් ඉන් ඉහළ ප්‍රතිපල ලබාගැනීමට නම් තවදුරටත් රටේ ගොවි ජනතාව නව කෘෂි තාක්ෂණය සඳහා යොමු විය යුතු බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

වියට්නාමය මේ වනවිට බහුල ලෙස කෘෂි තාක්ෂණය යොදාගැනීම සිදු කරන අතර, කෘෂි පර්යේෂණ, වැඩි අස්වැන්නක් ලබාගත හැකි නව බීජ, පශු පාලනය, පසු අස්වනු හානි අවමකර ගැනීම වැනි අංශවල දී ඉහළ සඵලතාවයක් එරට විසින් අත්පත් කර ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් දැනට මෙරට භාවිතවන කෘෂි තාක්ෂණය තවදුරටත් පුළුල් කිරීමට රජය ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී සඳහන් කළා.

වියට්නාම් රජය හා ශ්‍රී ලංකා රජය අතර කෘෂි තාක්ෂණික හුවමාරුව සදහා අවබෝධතා ගිවිසුමකට එළැඹීම අතිශයින් වැදගත් බව සඳහන් කළ අමාත්‍යවරයා පසුගිය කාලය තුළ පැවැති අපහසුතා මඟහරිමින් මේ වනවිට වත්මන් රජය යටතේ සෑම අංශයකම පුළුල් පිබිදීමක් ඇති කිරීමට රජයට හැකි වී ඇතැයි ද පවසා සිටියා.

මෙහිදී අදහස් පළ කළ තානාපතිවරිය වියට්නාමය ආසියානු කලාපය තුළ වැඩිම වී අස්වැන්නක් ලබා ගත හැකි වී ප්‍රභේද රැසක් හඳුන්වා දී ඇති බවත්, වියට්නාමයේ කෘෂි අංශයේ නව තාක්ෂණය ලෝකයේ බොහෝ රටවල් අනුගමනය කරන බව ද සඳහන් කළා.

ශ්‍රී ලංකාව ද වියට්නාමය මෙන් කෘෂිකර්මාන්තයට හා ධීවර අංශයට ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන්නේ නම් ආහාර අර්බුද සදහා හොඳින් මුහුණ දිය හැකි බව ද ඇය ප්‍රකාශ කර සිටියා.

වියට්නාමය විසින් 2021-2025 දක්වා කෘෂිකර්මාන්තයේ සංවර්ධනය සඳහා මාර්ග සිතියමක් හදුන්වා දී ඇති බවත්, එමගින් අනාගත ඉළක්ක රැසක් සාක්සාත් කර ගැනීමට හැකි වනු ඇතැයි ද ඇය මෙහිදී සඳහන් කළා.

ශ්‍රී ලංකාව මේ වනවිට සහල් සහ වී නිෂ්පාදනයෙන් මෙන්ම තවත් අතිරේක බෝග රැසකින් ස්වයංපෝෂිත මට්ටමට ආසන්නව සිටිය දී පවතින නියඟය තත්ත්වයට මුහුණ පෑමට රටට සිදුවූ බව මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?