ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර කෘෂි තාක්ෂණික හුවමාරු වැඩ පිළිවෙළක්

වියට්නාමය සහ ශ්‍රී ලංකා රජයන් අතර කෘෂිකාර්මික තාක්ෂණික හුවමාරු වැඩ පිළිවෙළක් සඳහා ද්විපාර්ශ්වික ගිවිසුමකට එළැඹීම සම්බන්ධව මූලික සාකච්ඡාවක් ඊයේ (24) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත් වුණා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ මෙරට වියට්නාම තානාපතිනි Ho Thi Thanh Truc ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වනු ලැබුවා.

මෙරට කෘෂිකාර්මික අංශය සඳහා නව කෘෂි තාක්ෂණය යොදාගැනීම මේ වනවිට බහුල වශයෙන් සිදූ කෙරෙන නමුත් ඉන් ඉහළ ප්‍රතිපල ලබාගැනීමට නම් තවදුරටත් රටේ ගොවි ජනතාව නව කෘෂි තාක්ෂණය සඳහා යොමු විය යුතු බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

වියට්නාමය මේ වනවිට බහුල ලෙස කෘෂි තාක්ෂණය යොදාගැනීම සිදු කරන අතර, කෘෂි පර්යේෂණ, වැඩි අස්වැන්නක් ලබාගත හැකි නව බීජ, පශු පාලනය, පසු අස්වනු හානි අවමකර ගැනීම වැනි අංශවල දී ඉහළ සඵලතාවයක් එරට විසින් අත්පත් කර ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් දැනට මෙරට භාවිතවන කෘෂි තාක්ෂණය තවදුරටත් පුළුල් කිරීමට රජය ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී සඳහන් කළා.

වියට්නාම් රජය හා ශ්‍රී ලංකා රජය අතර කෘෂි තාක්ෂණික හුවමාරුව සදහා අවබෝධතා ගිවිසුමකට එළැඹීම අතිශයින් වැදගත් බව සඳහන් කළ අමාත්‍යවරයා පසුගිය කාලය තුළ පැවැති අපහසුතා මඟහරිමින් මේ වනවිට වත්මන් රජය යටතේ සෑම අංශයකම පුළුල් පිබිදීමක් ඇති කිරීමට රජයට හැකි වී ඇතැයි ද පවසා සිටියා.

මෙහිදී අදහස් පළ කළ තානාපතිවරිය වියට්නාමය ආසියානු කලාපය තුළ වැඩිම වී අස්වැන්නක් ලබා ගත හැකි වී ප්‍රභේද රැසක් හඳුන්වා දී ඇති බවත්, වියට්නාමයේ කෘෂි අංශයේ නව තාක්ෂණය ලෝකයේ බොහෝ රටවල් අනුගමනය කරන බව ද සඳහන් කළා.

ශ්‍රී ලංකාව ද වියට්නාමය මෙන් කෘෂිකර්මාන්තයට හා ධීවර අංශයට ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන්නේ නම් ආහාර අර්බුද සදහා හොඳින් මුහුණ දිය හැකි බව ද ඇය ප්‍රකාශ කර සිටියා.

වියට්නාමය විසින් 2021-2025 දක්වා කෘෂිකර්මාන්තයේ සංවර්ධනය සඳහා මාර්ග සිතියමක් හදුන්වා දී ඇති බවත්, එමගින් අනාගත ඉළක්ක රැසක් සාක්සාත් කර ගැනීමට හැකි වනු ඇතැයි ද ඇය මෙහිදී සඳහන් කළා.

ශ්‍රී ලංකාව මේ වනවිට සහල් සහ වී නිෂ්පාදනයෙන් මෙන්ම තවත් අතිරේක බෝග රැසකින් ස්වයංපෝෂිත මට්ටමට ආසන්නව සිටිය දී පවතින නියඟය තත්ත්වයට මුහුණ පෑමට රටට සිදුවූ බව මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙහෙමද වෙනදා වෙසක්..බිස්නස් හරි සවුත්තුයි - වෙසක් සැරසිලිවල මිල ඉහළ යාම නිසා වෙළෙඳුන් දැඩි අසරණ වෙයි
05:20
Video thumbnail
ජල හිඟය නිසා මුළු ගමක් දැඩි අසරණ වෙයි - අවුරුදු 15ක් තිස්සේ අපි දුක් විදිනවා
01:07
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:51:16
Video thumbnail
"අනේ වැදලා ඉල්ලන්නේ..මගේ බබාව සනීප කරගන්න උදව් කරන්න" "බබා හොඳටම දුර්වල වෙලා ඉන්නේ"
03:19
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40