බත්තරමුල්ලේ වෙඩි තැබීමක්

තලංගම පොලිස් වසමේ බත්තරමුල්ල, අකුරේගොඩ, රොබට් ගුණවර්ධන මාර්ගයේ අද (24) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් 44 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

මොහු මුදල් පොළියට ලබා දෙන අයෙකු බවට ද අනාවරණය වී තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිතකර ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?