හෙට්ටිපොල වෙඩි තැබීමක් – කොණ්ඩයාට බරපතළයි

කුලියාපිටිය – හෙට්ටිපොල මාර්ගයේ කුරුදුකුඹුර හන්දියේ දී ඊයේ (24) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ රාත්‍රී 9.45ට පමණ වෙඩි තබා පළා ගොස් ඇති බවයි හෙට්ටිපොල පොලීසිය සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයා බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සදහා කුලියාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ මූනමල්දෙණිය – අකරවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන චන්දන සෙනරත් ජයකොඩි හෙවත් ‘කොණ්ඩයා’ නැමැති පුද්ගලයෙක්.

මෙම පුද්ගලයාට හෙට්ටිපොල – වස්වත්ත ප්‍රදේශයේ ලැගුම්හලක් පවත්වා ගෙන යන අයෙකු වන අතර ඔහුට අනියම් සම්බන්ධතා කීපයක් ඇති බවත් පොලිස් විමර්ශණවල දී අනාවරණය වී තිබෙනවා.

හෙට්ටිපොල පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු මේ සම්බන්ධයෙන් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26