ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එම ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධව සැකකාරියක් සහ කළමණාකරණයට සහාය විම සම්බන්ධයෙන් සැකකාරියන් 05 දෙනෙකු අත්‌අඩංගුවට ගෙන ඇත.
අත්‌අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 18 ත් 42 ත් අතර වයස්වල පසුවන පිලියන්දල, කෙසෙල්වත්ත, මිද්දෙනිය, කුරුණෑගල, රත්මලාන හා බුත්තල ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.
අද දින (24) ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි.













