ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින රැදවියෙකු ලඟ තිබි මත්ද්‍රව්‍ය සොයාගනි

ඊයේ (23) සවස රැඳවියන් සිර මැදිරි තුළට දමන අවස්ථාවේදී කළ පරීක්ෂාවකදී රැඳවියෙකු ලඟ තිබී මත්ද්‍රව්‍ය බවට සැක කල හැකි කුඩා පාර්සල් හතරක් බන්ධනාගාර නිලධාරීන්ට හමුවී තිබේ.

පසුව මේ සම්බන්ධයෙන් ගාල්ල පොලීසියට දැනුම් දීමෙන් පසු නිලධාරීන් කණ්ඩායමක් පැමිණ එය පරික්ෂා කිරීමේදී එම පාර්සල් තුල තිබී හෙරොයින් ග්‍රෑම් 04 යි මිලිග්‍රෑම් 40 ක් සහ ගංජා මිලි ග්‍රෑම් 3710 සොයාගෙන තිබේ.

මේ සම්බන්ධව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර අධිකරණ නියෝගයක් ලබාගෙන බන්ධනාගාරය මගින් සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?